Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යූරියා පොහොර මිල පැවති මිලටම

|Friday, 12th October 2018|Miscellaneous| Page Views : 7

අලුත් පුවත්
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
හොර නෝට්ටු තොගයක් අල්ලයි
"ටිට්ලි" නැගෙනහිර ඉන්දියාව කළඹයි
රොකට්ටුවක් කඩා වැටෙයි
අද කාලගුණය මෙහෙමයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්
අගවිනිසුරුවරයා විශ්‍රාම යයි
 
ලෝක වෙළඳපලේ යූරියා පොහොර මෙ.ටො01ක මිල ඇමරිකන් ඩොලර් 370 ඉක්මවුවද, පොහොර සහනාධාර පැවති මිලටම ලබාදීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබෙනවා.

ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ඊයේ (11) වනවිට යූරියා මෙ.ටො 01ක මිල රු.63,640ක් දක්වා වැඩි වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සහ 2018 මහ කන්නයේ හිඟයකින් තොරව ගොවීන් වෙත පොහොර ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. එම සාකච්ඡාවට ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූ අතර, අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ද ඊට එක් වුණා.

ලෝක වෙළඳපලේ යූරියා පොහොර මිල ඉහළ ගිය ද, ශ්‍රී ලංකාවේ ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නා.

ඒ අනුව වී වගාව සඳහා ගොවීන්ට ලබාදෙන යූරියා පොහොර මල්ලක් රු.500ක මුදලකටත්,සෙසු බෝග වගා සඳහා ලබා දෙන යූරියා පොහොර මල්ලක් රු.1500කට වශයෙන් පැවැති මිලටම ලබා දීමට තීරණය කළේ ය. දැනට කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර හොණ්ඩරයක් රජය මිලදී ගනු ලබන්නේ රු.3500ක මුදලකටයි. එහෙත් රජය රු.3000ක මුදලක් වී ගොවිතැන සඳහා ලබා දෙන පොහොර සඳහා දරන අතර, සෙසු බෝග සඳහා ලබා දෙන යූරියා පොහොර සඳහා රු.2000 සහනාධාර මුදලක් දරා ගනී.

පසුගිය යල කන්නයට වඩා මෙවර මහ කන්නයේ වැඩි කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර , ගොවීන්ට කිසිදු හිඟයකින් සහ අපහසුවකින් තොරව ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙසත් , දිනපතා පොහොර අවශ්‍යතාව පිළිබඳව ගොවිජන සංවිධාන සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අරඹන්නයැයි ද අමාත්‍යවරයාට උපදෙස් දෙනු ලැබුවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව, මෙවර මහ කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 08 කි.ඒ සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 2,65,000කි.TSP ප්‍රමාණය මෙ.ටො 65,000කි.MOP ප්‍රමාණය 75,000ක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න