Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2050 දී උෂ්ණත්වය ඉහළට

|Friday, 12th October 2018|Miscellaneous| Page Views : 6

අලුත් පුවත්
ශ්‍රී ලංකා - තායිලන්ත අාරක්ෂක සහයෝගීතා තවත් වර්ධනයට අවධානය
යූරියා පොහොර මිල පැවති මිලටම
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
හොර නෝට්ටු තොගයක් අල්ලයි
"ටිට්ලි" නැගෙනහිර ඉන්දියාව කළඹයි
රොකට්ටුවක් කඩා වැටෙයි
අද කාලගුණය මෙහෙමයි
 
ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 2050 දී සෙල්සියස් අංශක 2කින් ඉහළ යන බව ආපදා කළමනාකරණ, වාරිමාර්ග හා ජලසම්පත් රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

ඒ අනුව උෂ්ණත්වය ඉහළ ගොස් වයඹ, ඌව හා දකුණ මෙන්ම ගම්පහ සිට උතුර දක්වා ප්‍රදේශ දැඩි නියං තත්ත්වයට මුහුණ දෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. “2020 ජනාධිපති අපේක්ෂකයා ගැන විපක්ෂය කතා කරද්දී වගකිවයුතු රජයක් ලෙස අප කටයුතු කරන්නේ එවැනි අරමුණ ජයගන්න” යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ගංගාදෝණි ජල ‍පෝෂක ප්‍රදේශ සංවර්ධනය කිරීමේ කටයුතු මේ වෙනුවෙන් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා කිවේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ගංවතුර සහ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් සහන මෙන්ම ඉදිරියේදී මුහුණදීමට තිබෙන කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳහන් කළේ කුරුණෑගල, පුත්තලම, මඩකලපුව, මහනුවර, කෑගල්ල, කළුතර, ගාල්ල හා කොළඹ යන ප්‍රදේශවල ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන රක්ෂණ ක්‍රමය යටතේ ආධාර ලබාදී ඇති බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න