Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එකම පවුලේ 6ක් මැරූ දස දෙනෙකුට මරණ දඬුවම

|Friday, 12th October 2018|Security| Page Views :

අගුණකොළපැලැස්ස දික්වැවේ රදම්පල ගෙදර විසූ මව සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකුට ඊයේ (11)පස්වරුවේදී තංගල්ල පළාත්බද විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද්දේ ලියනපතිරණගේ ආරියදාස(53) ලියනපතිරණගේ දයානන්ද (50) ලියනපතිරණගේ නන්දසේන (47) රදම්පල ගමගේ ආරියදාස (55)ගරුසිංහගේ ජගත් නීල් කුමාර (42) ගුණසේකර සතරසිංහගේ රංජිත් (48) චමින්ද රෝහණ පරණමාන (අධිකරණය මගහැර සිටී)ලියනපතිරණගේ රූපසේන (52) අලූ‍ත් ආරච්චිගේ සුජිත් කුමාර (46) දන්දෙණිය ගමගේ චන්දිමාල් තිලකරත්න (38) යන අයටය.

අගුණකොළපැලැස්ස දික්වැව රදම්පල ගෙදර නිවසේ විසූ මහන්තෙගමගේ සුමනාවතී (මව)පාලිත සමරසිංහ (පුතා)අජිත් කුමාර සමරසිංහ (පුතා) ,සුරංග සමරසිංහ (පුතා)ප‍්‍රියන්ත සමරසිංහ (පුතා) හා සංජීවනී සමරසිංහ (දුව)යන හය දෙනා 1998.12.18 වැනිදා හෝ ආසන්න දිනයකදී වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුන් වූ විත්තිකරුවන් දස දෙනා ට මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේය. චෝදනා 23ක් යටතේ සැකකරුවන්ට අගුණකොළපෑලැස්ස පොලීසිය විසින් නඩු පවරා තිබුණි.

මව සහ දරුවන් 05 දෙනා ගේ ඝාතනයන්ට සම්බන්ධ බවට පුද්ගලයන් විසිතුන් දෙනෙකුට එරෙහිව අගුණකොලපැලැස්ස පොලීසිය විසින් නඩු පවරා තිබුණු අතර වසර 20ට ආසන්න කාලයක් තිස්සේ මෙම නඩු විභගය විනිසුරු වරුන් තිදෙනෙකු යටතේ වරින් වර විභාගයට ගනු ලැබීය.

අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන විට විත්ති කරුවන් සිවු දෙනෙකු මිය ගොස් තිබුණි. මිය ගිය චූදිතයන් වන්නේ ප‍්‍රැන්සිස් බදුගේ ජයසේන, ගජනායකගේ අජිත් කුමාර, විජිනිගේ පියසේන, හා සුදසිංහ ගුණසේන යන අයයි.

විත්තිකරුවන් 19 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු විභාගය පැවතුණද ඉන් විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණය මගහැර සිටියහ. අධිකරණය මගහැර සිටි විත්තිකරුවන් වන්නේ දන්දෙණිය ගමගේ අජිත් කුමාර, මල්දෙනිය කංකානම්ලාගේ සුජිත් ලක්මාල්, දන්දෙණිය, ගමගේ කුමාරසිංහ, සුදසිංහ නිමල් පියරත්න, චමින්ද රෝහණ පරණමාන, නිහාල් සතරසිංහ හා රංජිත් පරණමාන යන අයයි.

නඩුවේ සාක්ෂි විභාගය ද විත්තියේ හා පැමිණිල්ලේ දේශනද ඉකුත් අගොස්තු මස 07 දින අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කළේය.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා කියා සිටියේ අධිකරණවල නඩු ප‍්‍රමාද වීමට මූලික හේතුව වී තිබෙන්නේ විත්තිකරුවන් අධිකරණය මග හැර සිටීම, අදාළ නඩු දිනවලට නොපැමිණීම හා ඒ වෙනුවෙන් පෙනී සිටින නිතිඥ මහත්වැරුන් අධිකරණයට සමහර අවස්ථාවල නොපැමිණීම නිසා බවය. මෙම නඩුවද වසර 20ක් ඇදීයාමට මෙම හේතු බලපෑ බවත් නැතිව අධිකරණයේ අතපසු වීම් නිසා නඩු ප‍්‍රමාද නොවන බවත් පැවැසීය.

අගුණකොළපැලැස්ස පොලීසියේ පො.සැ. (45107) ඞී.ටී. ආරියරත්න මහතා සමග රජයේ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා හා අගුණකොළපැලැස්ස පොලීසියේ පො.සැ. (45107) ඞී.වී.ආරියරත්න පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. අද දිනයේ රජයේ නීතිඥ සවිනි ඉද්දමල්ගොඩ මෙනෙවීය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි, ප‍්‍රදීප් රාජපක්ෂ, ඉරෝෂනී රාමසිංම, මෙනවිය පෙනී සිටියහ. තංගල්ල මූලස්ථාන පොලීසියේ පො.සැ. (28013) පී. වීරසේකර හා මහාධිකරණයේ භාෂා පරිවර්තක උදයකුමාර මහතා මෙම නඩු විභාගයේදී සහය දැක්වීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න