Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වනඅලි දුම්රියේ ගැටීම් වළක්වන සැලැස්මක් !

|Friday, 12th October 2018|Special| Page Views : 7

අලුත් පුවත්
එකම පවුලේ 6ක් මැරූ දස දෙනෙකුට මරණ දඬුවම
2050 දී උෂ්ණත්වය ඉහළට
ශ්‍රී ලංකා - තායිලන්ත අාරක්ෂක සහයෝගීතා තවත් වර්ධනයට අවධානය
යූරියා පොහොර මිල පැවති මිලටම
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
හොර නෝට්ටු තොගයක් අල්ලයි
"ටිට්ලි" නැගෙනහිර ඉන්දියාව කළඹයි
 
දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමෙන් දුම්රියවලට බිලිවන වනඅලි ආරක්ෂාකර ගැනීම සඳහා වැඩි වශයෙන් අලි ගැවසෙන දුම්රිය මාර්ග හා ප්‍රදේශ හඳුනා ගැනීමට 14 දෙනෙකුගෙන් යුතු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශ වෙත ඊයේ (11) සිට පිටත්කර යවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ.සුමනසේන මහතාගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතුවල නියැළෙයි.

මොවුන් ඔක්තෝබර් 11 වන දින සිට 14 වෙනි දින දක්වා දින 04ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගවල මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

මෙම නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව දුම්රිය අලි ගැටීම් වැළැක්වීම සඳහා ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැලැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05ක් ඇතුළත සිදු කිරීමට නියමිත අතර එම කමිටු වාර්තාව සහ සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝබර් මස 25 වන දින ප්‍රවාහන හා සිවිල් සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතව ඇත. ඒ අනුව තමා විසින් එම වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මස අවසන් වීමට පෙර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

මසක පමණ කෙටි කාලයක් ඇතුළත අලි ඇතුන් 12 දෙනෙකු පමණ මෙම දුම්රියවල ගැටීම් හේතුවෙන් මියගොස් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙය ජාතික අපරාධයක් බවත්, මෙය කිසිම කෙනෙකුගේ වරදක් ලෙසට කිසිවකුට තමා ඇඟිල්ල දික් නොකරන බවත් එම ජාතික ව්‍යසනය වැළැක්වීම අප සියලු දෙනාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය. එනිසා මෙම කර්තව්‍යට සියලු දෙනාගේ සහය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න