Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සම්බාහනයට මුවාවූ ගණිකා නිවස වැට‍ලේ

|Friday, 12th October 2018|Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
වනඅලි දුම්රියේ ගැටීම් වළක්වන සැලැස්මක් !
එකම පවුලේ 6ක් මැරූ දස දෙනෙකුට මරණ දඬුවම
2050 දී උෂ්ණත්වය ඉහළට
ශ්‍රී ලංකා - තායිලන්ත අාරක්ෂක සහයෝගීතා තවත් වර්ධනයට අවධානය
යූරියා පොහොර මිල පැවති මිලටම
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ
හොර නෝට්ටු තොගයක් අල්ලයි
 
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් හැටියට නුගේගොඩ ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි සුරූපී ළඳුන් තිදෙනකු සමග කළමනාකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන ‍පොලීසිය පවසයි.

මෙම කාන්තාවන් අනුරාධපුර බිබිල වැනි ප්‍රදේශයන්හි පදිංචි 18ත් 35ත් අතර වයසේ පසුවන්නන් බවත් මෙම ළඳුන් ඇඟලුම් ආයතනයන්හි රැකියාව කිරීමට යන බව නිවැසියන්ට පවසා මෙලෙස ගණිකා ව්‍යාපාරයේ යෙදී ඇති බවත් මූලික ‍පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබිණි.

නුගේගොඩ ඇඹුල්දෙණිය පාරේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම ජාවාරමෙන් දිනකට එක් කාන්තාවක රුපියල් 7000ක් පමණ සංතෝසම් වශයෙන් ලබන බවත් රු.1500ක් ගෙවා පුද්ගලයන්ට විවිධ මිල ගණන් යටතේ කාන්තාවන් ලබාදී ඇති බවත් කියැවේ. මේ සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප‍පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න