Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෞඛ්‍ය වර්ජනය අවසන්

|Sat, 06 April 2019|Protest| Page Views : 102

අලුත් පුවත්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
15 දක්වා ලංකාවට ඉර මුදුන් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 2ක් අද
වෙරළ තීරයක ලැව් ගින්නක්-නිවාස 300කට හානි
දික්කසාදයට ලොව ඉහළම මුදලක් ගෙවූ ධනවත්ම පුද්ගලයා
 
ඌව ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධව ඌව පළාතේ සියලු සෞඛ්‍ය ආයතනවල දින 3ක් තිස්සේ පැවති වැඩවර්ජන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවසන් කර ඇත.ඒ ඊයේ (05) රාත්‍රියේ ය.

ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් අතර ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී දැඩි පොලිස් ආරක්ෂාව මත පැවති අවසන් සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා සිද්ධිය සමබන්ධයෙන් කණගාටුව පළකරමින් ලිපියක් ද නිකුත් කර ඇති බව වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව අද (06) සිට ඌවේ සියලු සෞඛ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතා පවසා ඇත.

තමා අදාල නිලධාරිනියට බැණ තර්ජනය නොකළ බව යළි අවධාරණය කළ ප්‍රධාන අමාත්‍යවරයා සමාව නොගත් බවත් රෝගී ජනතාවට වන දුෂ්කරතා නිසා කණගාටුව පලකරමින් රෝහල් හා සෞඛ්‍ය ආයතන යථා තත්වයට පත්කිරීමට කටයුතු කළ බවත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසා ඇත.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ලයට ආරකෂාවක් නැති බැවින් වසා දමා තිබෙන දෙමෝදර රෝහල විවෘත කිරීමට අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කටයුතු කළ නොහැකි බවද පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.

මෙම රෝහල වසා දැමීමට විරුද්ධව ගම්වැසියන් 15 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් බදුල්ල මහාධිකරණයේ ගොනුකර තිබේ.

දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ පිවිසුම් මාර්ගය සම්බන්ධ වන සේ දීර්ඝ කාලයක සිට ගම්වැසියන් භාවිතා කළ මාර්ගයක් අවහිර කිරීමට රෝහල් බලධාරීන් විසින් කටයුතු කිරීම නිසා ගම්වැසියන් හා රෝහල් බළධාරීන් අතර ගැටුමක් ඇතිවිය.

එය සමථකයට පත්කීරිම සඳහා දෙපිරිස හා වගකිව යුතු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඌව ප්‍රධාන අමාත්‍යවරයා කැඳවා තිබූ සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට බැන තර්ජනය කළා යැයි චෝදනා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න