Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයින් ලක්ෂ ගණනකට පීඩා

|Sat, 06 April 2019|Miscellaneous| Page Views : 123

අලුත් පුවත්
රිය අනතුරකින් දෙදෙනකු මරුට
වියළි කාලගුණෙන් ජල සම්පාදනයටත් බාධා
බස් වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය වර්ජනය අවසන්
වීසා නැතුව ගිය 26ක් අල්ලයි
හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී මාට්ටු
දෙමළ භාෂාව පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුමක්!
අපරාධ සිදුකළ පුද්ගලයින්ව හදුනාගැනීම සඳහා විමර්ශන අවශ්‍යයි!
 
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හෙතුවෙන් පුද්ගලයින් 321,127 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 75,416ක් ඒ අතර වන බවයි.

වියළි කාලගුණය පවතින ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා බවුසර් 207 ක් යොදා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

වියළි කාලගුණයත් සමග වනාන්තර ගිනිගැනීම් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, වනාන්තර ගිනිගැනීම් 50 ක් වාර්තාවී ඇති බවයි.

උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇති අතර එම තත්ත්වය අප්‍රේල් 15 පමණ වන තෙක් පවතින බවයි.

අධික සූර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බැවින් දිවයින තුළ හා දිවයින අවට ජලාශවල ජලය වාෂ්පීකරණය වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බව ඔහු සඳහන් කළේ ය.

අතුල කරුණානායක මහතා පැවසුවේ, මේ දිනවල සුළං හමන වේගය අඩුවීම නිසා ජල වාෂ්පවලින් වැසි වළාකුළු නිර්මාණය නොවන අතරම ජල වාෂ්ප පහළ වායුගෝලයේ සංසරණය වන බවයි.

පහළ වායුගෝලයේ සංසරණය වන මෙම ජල අංශු රත්වීමෙන් අධික උෂ්ණත්වයක් දැනෙන බව ද ඔහු ‍පෙන්වා දුන්නේ ය.

පවතින කාලගුණය සළකා බැලු විට වර්ෂාව ඇතිවිමට තරම් වළාකුළු නිර්මාණය වන තත්ත්වයක් දැකිය නොහැකි අතරම සුලු වාර්ෂාපතනයක් වාර්තා වුව ද මෙම උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසී ය.

ඔහු පැවසුවේ, විශේෂයෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙම තත්ත්යට වැඩිවශයෙන් බලපෑ හැකි බවයි.

අද දහවල් 12.12 ට අහුංගල්ල, ගනේගොඩ කලුබෝවිටියන, කැටවල , වලල්ගොඩ, සූරියවැව හා ගල්කඩුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය හමුවේ විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

එහි ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය යන තත්ත්වයන් දෙකේ දීම කුඩා ළමුන් වඩාත් බලපෑමට ලක්වන බවයි.

ජලය හිඟකම නිසා අපිරිසිදු ජලය පානය කිරීමට සිදුවීමෙන් පාචනය වැනි රෝග තත්වයන් ද වැළදිය හැකි බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ බෝවන රෝග අවම කර ගැනීම සඳහා ජලය උනුකර පානය කිරීමට කටයුතු කරන ලෙසයි.

ළමුන්, රෝගී පුද්ගලයන් මෙන්ම වයෝවෘද්ධ පිරිස්ද දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වන ලෙසට කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටී.

වෛද්‍යවරයා පැවසුවේ දඩි උෂ්ණත්වයත් සමග අධික වෙහෙසකර තත්වයක් දැනේ නම් එම පරිසරයෙන් ඉවත් වී සෙවන සහිත ස්ථානයකට යන ලෙසත් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න