Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිරිමි ක්‍රිකට් තරඟයක් විනිශ්චය කල ලොව පළමු විනිසුරුවරිය ඕස්ට්‍රේලියාවෙන්

|Fri,03 May 2019|Gossip| Page Views : 120

අලුත් පුවත්
ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ
වීසා නොමැතිව විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
ලිපි 600ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
පාසල් ආරක්ෂාව උදෙසා විශේෂ නීති පැනවේ
ෆොනීගේ බලපෑම තවත් අඩුවේ
විකිලික්ස් නිර්මාතෘ ජූලියන්ට සති 50ක සිර දඬුවමක්
තේ වත්තකින් පතුරම් සොයා ගැනේ
වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්
 
මෙතෙක් කල් ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් තරඟ විනිශ්චය කලේ විනිසුරුවරුන්ය, නමුත් පසුගිය 20 වැනිදා ලොව ඓතිහාසික මතක සටහනක් තබමින් පිරිමි ජාත්‍යන්තර තරඟයක් විනිශ්චය කල පළමු විනිසුරුවරිය බවට පත්වීමට ඕස්ට්‍රේලියාවේ ක්ලෙයර් පොලොසාක් සමත්විය.

නැම්බියාව සහ ඕමානය අතර පැවති ලෝක ක්‍රිකට් ලීගයේ දෙවනපෙල අවසන් තරඟයේ විනිසුරුවරිය ලෙසින් ඇය සහභාගීවූ අතර එය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශිෂ්ටතම අවස්ථාවක්ද විය.

2017 වර්ෂයේදී ඇය පළමු විනිසුරුවරිය ලෙස ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් ලීගයේදී විනිශ්චයට එක්වීම සිදුවිය. එතැන් පටන් ලොව පළමු ජාත්‍යන්තර විනිසුරුවරිය ලෙස පිරිමි එක්දින තරඟවලට සම්බන්ධවීම දක්වා ඇය ඉතා උනන්දුවෙන් දිගු ගමනක් පැමිණියහ.

‘මම මේ ලැබුණු අවස්ථාව ගැන පුදුමාකාර සතුටකින් ඉන්නේ..මට හැමදාම තිබුණු ගැටළුවක් තමයි ඇයි කාන්තාවන්ට බැරි පිරිමි තරඟයක් විනිශ්චය කරන්න කියලා. මේ ලැබුණු අවස්ථාව ඒ බාධක බිඳදැමීමක් විදිහට සලකන්න පුළුවන්”

ඇය ඉතා සතුටින් එලෙස අදහස් දක්වා තිබුණි. තවමත් 31 හැවිරිදි ක්ලෙයාර් විනිසුරු දිවියේ දිගු අනාගතයක් ඇති තරුණියක් බව බොහොමයක් ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි. ඉතා දැඩි සහ සෘජු තීරණ ලබාදෙන්නාවූ ඇය බොහෝවිට ඉදිරියේදී ජාත්‍යන්තර තරඟ ගණනාවකදී හමුවීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න