Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිඑස්අයිඑස් අන්තවාදි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කල යුතුය!

|Fri,03 May 2019|Miscellaneous| Page Views : 105

අලුත් පුවත්
හමුදාවේ ආරක්‍ෂාව ඉල්ලීමේ තත්වයකට පත්කර ඇත!
8 - 14 ජාතික මඳුරු මර්ධන සතියක්
විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්
යාපනය විශ්වවිද්‍යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
විශාලතම නාවික පර්යන්තය හම්බන්තොටට
පිරිමි ක්‍රිකට් තරඟයක් විනිශ්චය කල ලොව පළමු විනිසුරුවරිය ඕස්ට්‍රේලියාවෙන්
ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ
වීසා නොමැතිව විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“අයිඑස්අයිඑස් අන්තවාදි සංවිධානය විසින් සිදුකල මිලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකල පුද්ගලයින්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙන්නෙමු” යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත.

පෞද්ගලික මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අප බලාපොරොත්තු නොවූ අවස්ථාවේදී කුරිරු ලෙස මෙම ඝාතනය සිදුකර ඇත. අහිංසක ජනතාව මෙම ප්‍රහාරය තුලින් මියගොස් ඇත. එම ප්‍රහාරය අප දැඩිලෙස හෙළාදකින්නෙමු. මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට අප ශෝකය පලකරන්නෙමු.

එල්ටීටීඊ සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට වසර 12 ක් ගතවී ඇත. නමුත්, නොසිතූ අවස්ථාවකදී මෙම ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකර ඇත. අවසන් ආයුධයක් වන මරාගෙන මැරෙන ප්‍රහාර ආරම්භයේදී සිදුකර ඇත.

මෙම අන්තවාදි සංවිධානය කඩිනමින් පරාජයට පත්කල යුතුය යන ස්ථාවරයේ මුස්ලිම් ජනතාව සිටියි. මේ හේතුවෙන්, ඔවුන් සායින්දමරුදු ප්‍රදේශයේ සැඟවී සිටි ත්‍රස්තවාදීන්ව පෙන්වාදී ඇත. එම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් පවුලේ සාමාජිකයින් සමග මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ඇත.

මෙලෙස ඔවුන්ට සිදුකිරීමට හැකිනම්, කොපමණ දුරකට ඔවුන්ගේ මනස විකෘතිවී ඇත්දැයි යන්න අපට සිතාගැනීමට හැකිය.

හසරාන් කාසිම් සම්බන්ධයෙන් සමස්ථ ලංකා ජමියතුල්ලා උලමා සභාව විසින් මීටපෙර දැනුවත් කර ඇත. මුස්ලිම් ජනතාව බිල්ලට තබා මුස්ලිම් ජනතාව ඝාතනය කිරීම මෙම අයිඑස්අයිඑස් අන්තවාදි සංවිධානයේ අරමුණ වී ඇත. ත්‍රස්තවාදීන්ව මෙරටින් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අප පූර්ණ සහයෝගය ලබාදෙන්නෙමු” යනුවෙන් අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න