Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත!

|Mon, 06 May 2019 |Security| Page Views : 117

අලුත් පුවත්
මන්නාරම ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගනි
මුම්බායි ඉන්දියන්ස් IPL පෙරමුණේ
වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායමට ජයක්
ඉන්දීය මහ මැතිවරණය අතරතුර එල්ල වු ප්‍රහාරය
තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 13ක් ජීවිතක්ෂයට
කඩු බාර දෙන්න තිබු කාලය දිගු වෙයි
පාසල් ළමුන්ගේ පැමිණිමේ අඩුවක්
සමාජ ජාලාවල තාවකාලික අවහිරය ඉවතට
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

පාස්කු ඉරිදා දිනයේ සිදුකල බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය විසින් දින 05 කට පෙර ශ්‍රී ලංකා රජය වෙත දැනුවත් කල බවට තොරතුරු අනාවරණයවී ඇත. මෙම පණිවිඩය සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සෞදි මහකොමසාරිස් කාර්යාලය වෙත රහසිගතව ලිපියක් මගින් එවා ඇත.

සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයෙකු වන ඉබ්රාහිම් බින් අබ්දුල් හසීස් අල් අසාෆ් විසින් ශ්‍රී ලංකාව සඳහා වන සෞදි මහකොමසාරිස් අබ්දුල් නසාර් අල් හරෙක් වෙත අදාළ රහසිගත ලිපිය යවා ඇති බවට දැනගැනීමට ලැබී ඇත. ලෙබනන් රාජ්‍යයේ Al - Ahed වෙබ් අඩවිය විසින් මෙම ලිප සම්බන්ධයෙන් පුවත් පලකර ඇත.

සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා විශේෂ කරුණු 03 ක් අදාළ ලිපියේ සඳහන් කර ඇති බවට දැනගැනීමට ලැබී ඇත.

ශ්‍රී ලංකාව සඳහා වන සෞදි අරාබි මහකොමසාරිස් කාර්යාලයේ සිටින අභ්‍යන්තර සහ විදේශීය සාමාජිකයින්, කණ්ඩායම් සම්බන්ධයෙන් ලිය කියැවිලි මෙන්ම පරිඝණක තොරතුරු ඇතුලත් සියළු තොරතුරු ඉවත් කරන ලෙස අදාල රහසිගත ලිපියේ පලමු කරුණ ලෙස සඳහන් කර ඇති බවට අදාල වෙබ් අඩවිය මගින් පෙන්වාදී ඇත.

ජනතාව විශාල වශයෙන් එක්රැස්වන ආගමික ස්ථානයන් වලින් ඉදිරි දින කිහිපයේදී ඉවත්වන ලෙසත්, විශේෂයෙන් පාස්කු ඉරිදා දිනයේදී ජනතාව විශාල වශයෙන් එක්රැස් වන ස්ථානවලට නොයන ලෙසත් අදාල ලිපියේ දෙවන කරුණ ලෙස සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින නිලධාරින් සම්බන්ධයෙන් සියළු තොරතුරු ලිඛිත මගින් සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යවන ලෙස අදාල ලිපියේ තෙවන කරුණ ලෙස සඳහන් කර ඇති බවට අදාල වෙබ් අඩවිය සඳහන් කර ඇත.

මෙවැනි පසුබිමකදී, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තම රටේ සියළු ප්‍රජාවන් ශ්‍රී ලංකාවේ සිට ඉවත්වන ලෙස සෞදි අරාබි මහකොමසාරිස් කාර්යාලය විසින් දැන්වත් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න