Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරේ තර්ජනයට ලක්වී ඇති ස්ථානවලට හමුදා ආරක්‍ෂාව ඕනෑ

|Mon, 13 May 2019|Security| Page Views : 78

අලුත් පුවත්
විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ තීරණය උපකුලපතිවරු සතුයි
හෙරොයින් සමඟ අත්අඩංගුවට
ප්‍රාථමික අංශය අද ඇරඹෙයි
අදත් උණුසුම් කාළගුණයක්
Whatsapp-Viber-Facebook තාවකාලිකව අත්හිටුවයි
හලාවත ‌‌නොසන්සුන්තාවට මුල් වූ සැකකරු අත්අඩංගුවට
බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය නවතා දමයි
හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය
 
”ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාව සිටිය යුතුයි. හමුදාව උතුරු පළාතෙන් මුළුමනින්ම ඉවත්කළ යුතු යැයි මම කියන්නේ නැහැ” යැයි දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය අය සිහිකරන පාගමන වත්මන් තත්ත්වය තුළ අත්හිටුවීමට ගත් තීරණය දැනුම් දෙමින් පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා එසේ කීය. මෙම හමුව ත‍්‍රිකුණාමලය තානායමේදී ටෙලෝ පක්ෂයේ පරිපාලන ලේකම් කේ. නිත්‍යානන්දන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී එම්. කේ. සිවාජිලිංගම් මහතා මෙසේද කීය.

උතුරේ වැඩි ප‍්‍රදේශයක හා උතුරු නැගෙනහිර හමුදා භාරයේ තිබීම වැරදියි කියන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම මේ තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාවට හමුදාවේ ආරක්ෂාව සැලසිය යුතුයි. ඒ නිසා හමුදාව තර්ජනයට ලක් වී ඇති තැන්වලට ආරක්ෂාව සැලසිය යුතුයි. ඉස්ලාමීය ත‍්‍රස්තවාදය එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වය සලකා අවසන් සටනේ මියගිය අය සිහිකරලා වෙරුගල් සිට ත‍්‍රිකුණාමලය හරහා වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා යෑමට සූදානම් කර තිබූ පාගමන අත්හිටෙව්වා. ඒ වෙනුවට ලබන සතියේ නම් කළ දිනවල ඒ ඒ දිස්ත‍්‍රික්ක තුළ පහන් දැල්වීම සිදුකරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න