Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘට එරෙහි දූෂණ චෝදනා ගැන යළි විමර්ශන

|Mon, 13 May 2019|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
ජාත්‍යන්තර සම්බාධකවලට එක්සත්ව කටයුතු කරනවා
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි
මුස්ලිම් කටයුතු ඇමැති වහාම මාරු කළ යුතුයි
උතුරේ තර්ජනයට ලක්වී ඇති ස්ථානවලට හමුදා ආරක්‍ෂාව ඕනෑ
විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ තීරණය උපකුලපතිවරු සතුයි
හෙරොයින් සමඟ අත්අඩංගුවට
ප්‍රාථමික අංශය අද ඇරඹෙයි
 
විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් යළි විමර්ශණයක් සිදු කරන බව ස්වීඩන් බලධාරීන් පවසයි.

ලිංගික අපචාර චෝදනාවක් එල්ලවී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට වසර 7ක පමණ කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ හිමිවිය.

ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන නීතිමය කටයුතු සඳහා ඔහු ස්වීඩනයට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහායි.

එහෙත් අසාන්ජ්ට ලබා දී තිබූ රැකවරණය ඉවත් කර ගැනීමට ඉක්වදෝරය කටයුතු කිරීම හේතුවෙන් ඔහු ඉකුත් මාසයේදී බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්විය.

ඉන් අනතුරුව ඇප කොන්දේසි කඩ කිරීමේ වරදට ලන්ඩනයේ මහේස්ත්‍රාත් අධිකරණය අසාන්ජ්ට සති 50ක සිර දඬුවමක් නියම කළේය.

එහෙත් අසාන්ජ් දිගින් දිගටම පවසා සිටියේ ලිංගික අපචාර චෝදනාවට තමා නිවැරදිකරුවෙක් බවයි.

මේ අතර ඔහුගේ නීතිඥවරයාගේ ඉල්ලීම මත අදාළ චෝදනාව සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කිරීමට ස්වීඩන් බලධාරීන් තීරණය කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික රහස් තොරතුරු රැසක් සිය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ජුලියන් අසාන්ජ් ආන්දෝලනාත්මක චරිතයක් ලෙසයි ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න