Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීනය හා ශ්‍රීලංකාව අතර වැදගත් ගිවිසුම් තුනකට අත්සන් තබයි

|Tue,14 May 2019|Special| Page Views : 50

අලුත් පුවත්
පළාත් කිහිපයකට වැසි
මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි
ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි
තුනුක්කායි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්!
මිනුවන්ගොඩ 13 දෙනෙකු අත්අඩංගුවට
නාමල් කුමාර අත්අඩංගුවට
නයිජීරියානු ජාතිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට
සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
 
චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන රජය අද(14) දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර ශ‍්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මගින් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිතුමා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිතුමා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.

රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් කි‍්‍රයාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ තින්දු තීරණ ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද ජනාධිපතිතුමා මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කරනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න