Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති නිවේදනය!

|Fri,31 May 2019|Political| Page Views : 56

අලුත් පුවත්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය රාමලාන් සමරයි
ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය එංගලන්තයට
කොදෙව්වන් සමඟ පාකිස්ථානය අද තරග බිමට
රාජ්‍ය ගෞරව මැද මෝදි දෙවන වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි
තායිවානය දැවැන්ත යුද අභ්‍යාසයක
ගිනි අවියක් පතොරම් සමඟ පොලීසියට
පළාත් කිහිපයකට තද වැසි
සියලු පාසල්වල ආපන ශාලා පරීක්ෂාවට ලක්කෙරෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකරගැනීමට කරුණාකර කිසිවෙකුත් ඉඩ ලබානොදිය යුතුය” යනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හදිසි නිවේදනයක් නිකුත් කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත. “කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටි ජාතික තවුහිත් ජමාත් පල්ලිය මුස්ලිම් සහෝදරවරුන් විසින් කඩාබිඳ දමා ඇති බවට දැනුවත් වූ මා දැඩි කනගාටුවට පත්වන්නෙමි.

මුස්ලිම්වරුන් අතර ආගමික වශයෙන් නිකායක් තිබිය හැකිය. ඒවා මෙම අවස්ථාවේදී උපයෝගි කරගෙන මුස්ලිම් පල්ලි කඩාදමා තබ්ලික්, තවුහිත්, සුෆීවාදය, වහප් වාදය සහ ජමාත්තේ ඉස්ලාම් යනාදී අප අතර ගැටුම් ඇතිකරගැනීම භායානක කරුණක් වනු ඇත.

මෙවැනි කටයුතු හේතුවෙන්, මුස්ලිම්වරුන් තමන් අතරම ගැටුම් ඇතිකරගෙන, තමන් විසින් තමන්වම විනාශයට පත්කර ගනු ඇත. මෙවැනි වතාවරණයක් ඇතිකිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණයි. මේ හේතු‍වෙන්, කිසිවෙකුත් එයට අවස්ථාවක් ලබානොදිය යුතුය. තවුහිත් පල්ලි කඩාබිඳ දැමිමෙන් හෝ තබ්ලික්, තවුහිත්, සුෆීවාදය, වහප් වාදය සහ ජමාත්තේ ඉස්ලාම් යනාදි අප අතර ගැටුම් ඇතිකරගැනීමෙන් ගැටළුවලට විසඳුම් ලබාගැනීමට නොහැකිය.

ඒ හේතුවෙන්, මේ සම්බන්ධ කරුණු හොඳින් අවබෝධ කරගෙන සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රධාන‍ත්වයෙන් සාකච්ඡා කර තීරණය ගත යුතුය. තවද, නිකායන් අතර ගැටළුකාරී තත්වයක් කුමන ස්ථානයක හෝ ඇතිවේ නම්, ඒ සම්බන්ධයෙන් ජමියතුල් උලමා සභා‍ව, මුස්ලිම් නායකත්වය සහ මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශය යනාදිය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගත යුතුය.

ගම්වල සිටින මුස්ලිම් ජාතිකයින් තමන්ගේ සිය කැමැත්තට මුස්ලිම් පල්ලි කඩාබිඳ දැමීමේ තත්වයක් ඇතිනොවිය යුතුය. මෙවැනි කටයුතු තුලින් දැඩි භායානක තත්වයක් ඇතිවන අතර, පසුගිය යුදමය කාලයන්වලදී, සහෝදර ජාතීන් තමන් තුලම ගැටළුකාරී තත්වයක් ඇතිකරගෙන කොපමණ බාධාවන්වලට මුහුණදී ඇද්ද? යන්න අප හොඳීන් දන්නෙමු.

ඒ හේතුවෙන්, කරුණාකර එලෙස තමන්ගේ ආගම තුල ගැටුම් ඇතිකිරීමට ඔබ උදාහරණයක් ලෙස නොසිට වහාම එම සිදුවීම හෙළාදැක මෙරටේ මෙවැනි කටයුතු සිදුකිරීම නතර කළ යුතුය. ඒ සමඟ තබ්ලික්, තවුහිත්, සුෆීවාදය, වහප් වාදය සහ ජමාත්තේ ඉස්ලාම් යනාදියේ වෙනසක් නිර්මාණය නොකර සමගියෙන් ආගමික කටයුතු සිදුකරන ලෙස මා සියළුදෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි.

එනමුත්, මෙවැනි තත්වයක දැඩි අවධානයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම, මුස්ලිම් පල්ලි කඩාදමා නැවතත් එක් කණ්ඩායමකට විරුද්ධව වාර්තා ඉදිරිපත් කිරීම, ‍පෙන්වාදීම, තත්වය උපයෝගී කරගෙන දේශපාලනික වශයෙන් පළිගැනීමට උත්සාහ කරනු ඇත. අවස්ථාව උපයෝගී කරගෙන ආගමික වශයෙන් භේදයක් ඇතිකිරීම අල්ලා දෙවියන් විසින් සමාව දෙන වරදක් ලෙස අප මතක තබාගත යුතුය.

මෙය එක් අන් ආගමිකයෙකුගේ කටයුත්තක් වනු ඇත. එනමුත්, කරුණාකර ත්‍රස්තවාදයටත්, සතුරන්ටත් ඔබලා කිසිවෙකුත් සම්බන්ධ නොවිය යුතුය යන්න ඉතා කරුණාවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නෙමි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න