Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලියෙන් බල ගැන්වී වේගයෙන් පියාසරන සුපිරි හයිබි්‍රඩ් ගුවන් යානා මෙන්න

|Sun,09 June 2019|Gossip| Page Views : 108

අලුත් පුවත්
බිරිඳගේ අනියම් සැමියා මරා දැමූ සැමියා අතුරුදහන්
බිරිදගේ පහර දීමකින් සැමියා නිවසතුලදීම මියයයි
ඇමරිකාවෙන් තුර්කියට දැනුම්දීමක්
ලංකාවට චීනයෙන් තවත් නෞකාවක්
බීඩි කොළ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රෝයිගේ පිතිහරඹය එංගලන්තයට ජය ගෙනෙයි
ගවයින් 37ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට
අඹේවෙල කම්හලේ කිරිපිටි කිලෝ ලක්ෂ 5ක් අපතේ
 
මහා බි්‍රතාන්‍යයෙහි නිෂ්පාදනය කරනු ලබන හයිබි්‍රඩ් විදුලි ගුවන් යානයක් කෙටි ගුවන් ගමන් සඳහා 2025දී ගුවන්ගත වනු ඇත. සංකල්පිත මෙම ගුවන් යානය යථාර්ථයක් බවට පත්වුවහොත් මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් හා මැන්චෙස්ටර් නගර දෙක අතර ගුවන් ගමනක් සඳහා දැන් ගත වන කාලය පැයකින් අඩු වී එය විනාඩි 42කට සීමා වනු ඇත.

මේ නවතම ගුවන්යානය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන ෆැරඩොයාර් ආයතනයේ අරමුණ ලෝකයේ ඉතාම පරිසර හිතකාමී ගුවන් සමාගම බවට පත්වීමය. එම ආයතනය දැනටමත් කෙටි ගුවන් ගමන් සඳහා යොදාගත හැකි කාබන් සංයුතිය සහිත බඳින් යුත් ආසන 18ක සුපිරි කුඩා ගුවන්යානයක් පිළිබඳ සැලසුම් අනාවරණය කර ඇත.

පැයට සැතපුම් 230ක වේගයෙන් පියාසර කිරීම සඳහා බැටරිවලින් ක්‍රියාත්මක වන අශ්ව බල 1,600ක ජෛව - ඩීසල් ඇන්ජිමකින් මෙම ගුවන් යානා බල ගැන්වෙයි. ගුවන්ගත වීමේ හා බිමට බැසීමේ ක්‍රියාවලිය බැටරිවලින් බල ගැන්වෙන විදුලි මෝටරයකින් පාලනය වන අතර ගුවන් ගමන් කාලය පුරා ඇන්ජිම යානයේ එකම බලෝත්පාදනය වශයෙන් පවතී.

යානයට සවි වුණු සූර්ය පැනල මඟින් බැටරි යළි යළි පණ ගැන්වෙයි. සිරෙන්සෙස්ටර්හි පිහිටි මෙම ගුවන් සමාගම ස්වෝන්සි විශ්වවිද්‍යාලයද සමඟ එක්ව නවතම ගුවන්යානය සැලැසුම් කරගෙන යයි. ස්තර තුනකින් යුත් පියාපත් මෙම යානයේ විශේෂ ලක්ෂණයකි.

මගී ප්‍රවාහනය සඳහා ගත වන කාල සීමා

නගර කීපයක් අතර ගුවන් ගමන් සඳහා දැනට ගත වන කාලයත් සංකල්පිත හයිබි්‍රඩ් යානයට ගත වනු ඇතැයි සැලකෙන කාලයත් පිළිබඳ සංසන්දනයක් “ෆැරඩෙයාර්” ගුවන් සමාගම මෙසේ දක්වා ඇත.

දැන් ගත වන කාලය

ලන්ඩනයේ සිට මැන්චෙස්ටර් දක්වා පැය 1

සැක්‍රමෙන්ටෝ - සැන්ෆ්‍රැන්සිස්කෝ විනාඩි 55

බොස්ටන් - නිව් යෝර්ක් පැය 1 විනාඩි 20

ලන්ඩන් - පැරිස් පැය 1 විනාඩි 15

පැරිස් - බර්ලින් පැය 1 විනාඩි45

ඔස්ලෝ - ස්ටොක්හෝම් පැය 1

සංකල්පිත යානයට ගතවනු ඇතැයි සැලකෙන කාලය

ලන්ඩන් - මැන්චෙස්ටර් විනාඩි 42

සැක්‍රබෙන්ටෝ - සැන්ෆ්‍රැන්සිස්කෝ විනාඩි 41

බොස්ටන් - නිව් යොර්ක් - පැය 1 විනාඩි 9

ලන්ඩන් - පැරිස් පැය 1 විනාඩි 17

පැරිස් - බර්ලින් පැය 2 විනාඩි 43

ඔස්ලෝ - ස්ටොක්හෝම් - පැය 1 විනාඩි 23

සංකල්පිත හයිබි්‍රඩ් යානය BEHA-MiH යනුවෙන් නම් කැරෙන අතර එය අඩි 1000කට (මීටර් 300) වඩා අඩු ධාවන පථයකින් ගුවන්ගත කිරීමටත් එවැන්නකටම බැස්සීමටත් හැකි වන සේ නිර්මාණය කරනු ලැබේ.

ගුවන් යානය ගමන් ගන්නා දිසාවට ප්‍රතිවිරුද්ධ අතට කැරකෙන වේගවත් පංකා දෙකක් යානයේ පසු භාගයේ සවි කිරීමෙන් යානයේ ප්‍රවාලනයක් ඇති කරන තාක්ෂණ ක්‍රමයක් ඒ සඳහා යොදාගනු ලැබේ යැයි ගුවන් සමාගම කියයි. හයිබි්‍රඩ් යානය ගුවන්ගත කිරීමේදී ඉන් නැඟෙන නාදය ඔසිබල් 60 දක්වා අඩු කිරීම තමන්ගේ අරමුණ බවත් දැන් තිබෙන බොහෝ ගුවන්යානවලින් නැඟෙන එම නාදය ඩෙසිබල් 140ක් හෝ ඇතැම් විට ඊටද මඳක් වැඩි වන බවත් හයිබි්‍රඩ් යානා ව්‍යාපෘතියෙහි යෙදී සිටින ඉන්ජිනේරු ශිල්පියෝ කියති.

BEHA-MiH හයිබ්්‍රඩ් යානය ප්‍රධාන වශයෙන්ම මගී ප්‍රවාහනය සඳහා අරමුණු කරන ලද නමුත් එහි ආසන පසෙකට හැරවීමෙන් ටොන් පහක භාණ්ඩද ප්‍රවාහනය කළ හැකි වෙයි.

භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා පමණක් නොව දිවා - රාත්‍රි කුලී ගුවන් ගමන් ඇතුළු විවිධ සේවා සඳහා යොදාගත හැකි වනු ඇතැයි ෆැරඩෙයාර් ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ක්ලෝලි “නිව් ඇට්ලස් (New Atlas) ප්‍රකාශනයට පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න