Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැන්ගරුවන්ට ගහලා දින්නත් විරාට් කෝලි ස්මිත්ගෙන් සමාව අයදියි

|Mon,10 June 2019|Special| Page Views : 87

අලුත් පුවත්
පොසොන් පොහොයට අනුරාධපුරේ පාසල් 11ක් වැසේ
තිරිමාන්න හා නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර අබාධයකට ලක් වේ
බුද්ධික පතිරණ කැබිනට් අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි
කොළොම්බියා - වෙනිසියුලා දේශසීමා විවර වෙයි
දියේ ගිලී ඕමන්ද සිසුන් දෙදෙනෙක් මරුට
ජංගම ලී මෝල් තහනම් වෙයි
May 18th as Tamil Genocide Remembrance Day in Toronto
ඉන්ධන මීල සංශෝධනය අද
 
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගය ලකුණු 36 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් පමණි. ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී (නොදැවී 55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනා යාමට අපොහොසත් වූහ.

ඒ වගේම මෙම තරඟයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් හතරේ සීමාවේ පන්දු රැකීමට පැමිණි ස්මිත්ට හූ කියමින් කෑ ගසන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී කෝලි විසින් ප්‍රේක්ෂකයන් පාලනය කළ අතර එසේ නොකරන ලෙස ඉල්ලා සිටියා. කෝලි කරපු මේ ක්‍රියාව මේ වන විට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වෙනවා. මේ ගැන කෝලි වැඩිදුරටත් මෙහෙම කියනවා.

" මෙතන ගොඩක් ඉන්දීය ප්‍රේක්ෂකයන් හිටියා. මම කැමති වුණේ නැහැ ඔහුන් නරක ආදර්ශයක් දෙනවට. ඔහු කිසිඳු වැරද්දක් කළේ නැති බවයි මගේ අදහස. මම ඔහුගෙන් සමාව ගත්තා ප්‍රේක්ෂකයන්ගේ නරක හැසිරීම ගැන. මගේ අදහස නම් මේ කළ වැඩේ පිළිගැනීමට නොහැකි."

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න