Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැගෙනහිර පළාතේ ඇතිවූ ගැටළුවට විසඳුමක් ලැබී ඇත!

|Tue,25 June 2019|Political| Page Views : 58

අලුත් පුවත්
දෙමළ ජාතික සන්ධානය සවන් නොදෙන්නෙමු!
තැපැල් වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙයි
අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට
“සෝෆා“ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා
නීති විරෝධී සංක්‍රමණ මැඩලීමට ඔස්ට්‍රේලියාවේ සහය
සවස 2න් පස්සේ වැසි
වැලිකඩ සිරකරුවන් හැත්තෑවකට ස්ථාන මාරු
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවගේ ඉවසීම තුලින් නැගෙනහිර පළාතේ ඇතිවූ ගැටළුවට විසඳුමක් ලැබී ඇත” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත. කල්මුණේ ඇතිවූ ගැටළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“රතන හිමි සහ ඥාණසාර හිමි කල්මුණය ප්‍රදේශයේ ඇතිවූ ගැ‍ටළුවලට මැදිහත්වී කටයුතු සිදුකරන බවට හඬනගමින් සිටින පුද්ගලයින් මෙම ගැටළු සම්බන්ධයෙන් සාමකාමීව සාකච්ඡා කර අවසන් කිරීමට ඉදිරිපත්වීමට තිබුණි. සාකච්ඡා කමිටු පත්වීම් යනාදී සියල්ලම ප්‍රමාදවීමේ කටයුත්තක් වන බවට නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාව තේරුම්ගෙන ඇත.

මෙම ගැටළු සම්බන්ධයෙන් දෙමළ පාර්ශවයට තිබෙන සාධාරණය කුමක්ද? යන්න නොසිත මෙරට තුල යම් යම් ප්‍රදේශවල ඉඩම් ස්ථීර නොවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී, කිසිඳු ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි හේතුවක් ඉදිරිපත් කරමින් ප්‍රමාද කළ පුද්ගලයින්ගේ කටුයුතුවලින් භික්‍ෂූන් වහන්සේලා මෙම ගැටළු සඳහා මැදිහත්වීමට ප්‍රධාන කරුණක් වී ඇත.

නැගෙනහිර පළාත් සභාවේ බහුතර බලය තමන් සතුව තබාගෙන, සුළු ජාතික පක්‍ෂ වන මුස්ලිම් කොංග්‍රසයට ප්‍රධාන අමාත්‍යධූරය ලබාදුන් දෙමළ ජනතාවගේ යහපත් සිතුවිලි පිළිබඳව අප විවිධ අවස්ථාවන්හිදී බොහෝ ස්ථානවල ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන පාර්ශවයන් කිසිවෙක් කිසිඳු වචනයක් ප්‍රකාශ කළේ නොමැත.

දෙමළ ජාතික සන්ධානයේ එදින සුළු ජාතික පක්‍ෂ මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යධූරය ලබාදීමට පෙර, කොන්දේසියක් ලෙස මෙම කල්මුණය උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපත් කිරීමට තිබුණි. එය සිදුකිරීමට දෙමළ ජාතික සන්ධානය වැළකී ඇත. මෙවැනි පසුබිමකදී, දෙමළ ජාතික සන්ධානය එය ඉටුකිරීමට නොහැකිව සිටියහ. අද නැගෙනහිර පළාතේ ඇතිවී ඇති ගැටළුවලට විසඳුමක් ලැබී ඇත” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න