Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.

|Wed,10 July 2019|Special| Page Views : 385

අලුත් පුවත්
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍
වියළි කාළගුණය නිමාකරමින් අයිස් වැසි වසී
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අද
 
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වි ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියාපදංචි අංකය යටතේ සැකකරු හැටන් බස් නැවතුම්පොල භුමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

අස්ථි බිදිම් ඇතුළු විවිධ රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර සැකකරු විසින් සිදු කර ඇති අතර ප්‍රතිකාර ලබා දිම සදහා සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබි ප්‍රතිකාර ලබා දිම සදහා උපයෝගි කරගත් උපකරණ සහ ආයුර්වේද ඖෂධ ගණනාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාවේද කිසිදු අනුමැතියක් ලබා නොගෙන සැකකරු ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන රොගින්ගෙන් විශාල මුදලක් අය කර ප්‍රතිකාර ලබා දි ඇති බවත්, ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වි නොමැතිව මෙවැනි ආයුර්වේද මධ්‍යස්ථානයක් සැකකරුට පවත්වාගෙන යාමට නොහැකි බවයි හැටන් පොලිසිය සමග සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමට එක් වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න