Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වාසභංගයේ විවාදය ඇරඹේ

|Wed,10 July 2019|Political| Page Views : 314

අලුත් පුවත්
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍
වියළි කාළගුණය නිමාකරමින් අයිස් වැසි වසී
 
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාද කිරීම පාර්ලිමේන්තුවේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩු විරෝධය පදනම් කර ගත් තීන්දුවක් ලබාගෙන ඇතැයි විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන මන්තී‍්‍රවරුන් දැනටමත් පවසා ඇත්තේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ තීරණයට අනුව තමන් විශ්වාසභංගයේදී පක්‍ෂව ඡන්දය දෙන බවයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය නොදක්වන මන්තී‍්‍රවරුන් විශ්වාසභංගයේදි ගන්නා ස්ථාවරය පිළිබද තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාති‍්‍රයේ පැවැත්වුවා. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සඳහන් කළේ ආණ්ඩු විරෝධය පදනම් කරගත් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි. කෙසේවෙතත් ජයග්‍රහණය කළ නොහැකි විශ්වාසභංග ගෙනත් ආණ්ඩුව තවත් ශක්තිමත් කිරීම ගැනත් පක්ෂ තවදුරටත් සිතිය යුතු බවද කියා සිටියා.

විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට නම් විපක්‍ෂයේ සියළු දෙනා ඊට සහාය දිය යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හෙට (11) පස්වරුවේයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න