Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි

|Thu,11 July 2019|Special| Page Views : 97

අලුත් පුවත්
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි
ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි
Facebook ලංකාවට අනතුරු අඟවයි
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
 
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඊයේ (10) මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ජුලි මස 18,19 යන දෙදින මෙලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට නියමිතව ඇත.

බි.සී.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි 6% ක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබේ.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන අදහස් දැක්වූ වසන්තා හදපාන්ගොඩ මහත්මිය ,

‘‘අපි ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා දිගින් දිගටම සටන් කළා.අපි කිසි අවස්ථාවක ගුරුවරුන්ගේ සටන්, ඉල්ලීම් පවා දීලා නැහැ. සමහර අවස්ථාවල සටනට විරාමයක් දුන්නා. රටේ පැවතුන තත්වය අනුව සාමය ආරක්ෂා කර ගැනීමට. ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගින් දිගටම කටයතු කළා. ගුරු විදුහල්පතිවරුන්ට ගැටළු කිහපයක් තියෙනවා.

එකක් තමයි වැටුප් විෂමතා ඉවත්කර ගැනීම බි.සි.පෙරේරා වැටුප් විෂමතා වාර්තාව අනුව වසර වසර 22 ක් ගතවුනත් වැටුප් විෂමතා ඉවත් කරලා නැහැ.

අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරනවා කියලා බලයට ආවත් මේ දේවල් රජය මෙතෙක් ඉටු කළේ නැහැ.ඒ වාගේම 2016 න් පස්සේ ගුරුවරුන් ලෙස බඳවා ගත් අයට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කළා. 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය මේ දෙයම එදත් කළා.

මේ නිසා අපි ජුලි මාසයේ 18 සහ 19 අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා සියළු ගුරු වෘත්තීය සංගම්වල සහාය ලැබෙන බවද ඇය මෙහිදී පැවසුවාය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න