Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි

|Thu,11 July 2019|Security| Page Views : 14

අලුත් පුවත්
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි
 
තම රටේ තෙල් නැවක් අල්ලාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ග්‍රේස් වන් නමැති ඉරාන තෙල් නැව බ්‍රිතාන්‍යෙයේ රාජකීය මැරීන් හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් සතියේදීයි.

සම්බාධක නොතකා අදාළ නෞකාව සිරියාවට තෙල් රැගෙන යමින් සිටින බවට චෝදනා කරමින් එය මෙලෙස හමුදාභාරයට ගෙන තිබුණි.

ග්‍රෙස් වන් නෞකාව වහා නිදහස් කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම නෞකාව අල්ලාගැනීමේ සිදුවීමට බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. තවද බ්‍රිතාන්‍ය යනු අනාරක්ෂිත බවේ ආරම්භකයා බවටත් රවුහානි චෝදනා කරයි. ඉරානය සහ රටවල් කිහිපයක් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමේ විධානයන්ට පටහැනිලෙස ඉරානය කටයුතු කරන බවට යුරෝපා රටවල් කිහිපයක් පසුගියදා චෝදනා කළේය.

ඉන් දිනකට පසුව ජනාධිපති හසන් රවුහානි බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න