Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්

|Thu,11 July 2019|Miscellaneous| Page Views : 59

අලුත් පුවත්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට
 
අමෙරිකාවේ නිව් ඕර්ලන්ස් නගරයට කුණාටුවකින් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මේ සමඟ නගරය මුළුමණින් පාහේ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශයට මේ සතිඅන්තයේදී සුළිකුණාටුවක් ඇතුල්වීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ බලධාරීන් පවසයි.

කුණාටු අවධානමත් සමඟ එම ප්‍රාන්තයට අයත් නිව් ඕර්ලන්ස් නගරයේ දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් හටගෙන තිබුණි. වර්ෂාවත් සමඟ නිව් ඔර්ලන්ස්හි පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

ප්‍රදේශයේ නිවාස, මහාමාර්ග සහ රථවාහන ඇතුළු දේපළ රැසක්ම ජල ගැලීමට හසුව තිබුණි.

මේ හේතුවෙන් නගරයේ ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වර්ෂා ජලය නිසිලෙස බැස නොයාම හේතුවෙන් ඇතිවී තිබෙන මෙම ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරන්නේ බලධාරීන්ටයි.

නගරයේ කාණු පද්ධතිය අක්‍රමවත් බවද මේ හේතුවෙන් අධික වැසි සමයන්වලදී තමා බෙහෙවින් පීඩාවට පත්වන බවද ඔවුන් පෙන්වා දෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න