Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට

|Thu,11 July 2019 |Miscellaneous| Page Views : 49

අලුත් පුවත්
මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(11) පස්වරු 01.00ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභායට ගැනීමට නියමිතයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි.

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වද භාවයට පත්කර ඇති බවට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.

එවන් පසුබිමක අදාළ වෛද්‍යවරයා සිදුකළ සැත්කමින් පසුව යළි පිලිසිද ගැනීමක් සිදු නොවූ බවත් සැත්කම්න් පසු සංකූලතා ඇති බවත් පවසමින් පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට මව්වරුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේය.

ඊට අදාළව පාර්ශව කිහිපයක් විමර්ෂණ සිදුකළ අතර අදාළ මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න