Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සබඳතා පුළුල් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිගේ එකඟත්වය

|Fri,12 July 2019|Political| Page Views : 80

අලුත් පුවත්
බැංකු ගිණුම් විස්තර ලබාදීමට නියෝග!
ආදේශක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය!
අනවසරයෙන් මැණික් ගැරු දෙදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට
බලපත් රහිතව දැව ප්‍රවාහනය කළ 09 අත්අඩංගුවට.
අගමැති විශේෂ කාරක සභාව හමුවට
සුළඟක් නිසා මුලතිව්වල නිවාස රැසකට හානි
වසර 27කට පසු කැන්ගරුවන් ගෙදර යවා එංගලන්තය ලෝක කුසලානයේ අවසන් සටනට
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාව සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ කටයුතු සහ මුහුදු සහ දේශසීමා ආරක්‍ෂක කටයුතු පුළුල් කිරීම සඳහා සහයෝගය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඇමරිකාව සඳහා වන නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රොට්නි එම්.පෙරේරා, ඇමරිකානු ජනාධිපතිවරයාව ධවල මන්දිරයේදී හමුවී ආකෘති පත්‍ර අත්සන් කළ අවස්ථාවේ ඩොනල් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත.

ඇමරිකාව සඳහා නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්ව පිළිගත් ඩොනල් ට්‍රම්ප්, පාස්කු ප්‍රහාර‍යෙන් පසුව ඇමරිකාව ශ්‍රී ලංකාව සමඟ උරෙන් උර සිටියි යන්න අවධාරණය කර ඇත. දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇති ඇමරිකානු ජනාධිපති ‍දෙරට අතර සබඳතා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් නීතිය, පාලනය යනාදිය සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම් අවසන් වූ පසු ස්ථීර සාමකාමීත්වයක් ස්ථාපිත කිරීම සඳහා සංහිඳියාව නංවාලීමට සහ නීතිය යනාදිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති පොරොන්දු ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න