Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතාව සහයෝගය ලබා නොදෙනු ඇත

|Mon,29 July 2019|Security| Page Views : 37

අලුත් පුවත්
දේශපාලන අරමුණකින් යුත් තේරීම් කමිටුව
ශ්‍රිලංකාවේ තේ ඉල්ලුම පහල වැටේ
ඩෙංගු මර්ධන සතියක්
බෝම්බ 4ක් STF මෙහෙයුමකින් අල්ලයි
අගමැති විශේෂ කාරක සභාව හමුවට ?
කළගෙඩිහේනේ පහරදීමේ සිද්ධියට 8ක් අද අධිකරණයට
ඉරාන වැසියන් ලන්ඩනයේ දී විරෝධයක
නිවාස ව්‍යාපෘතියකට එරෙහිව ජනතා විරෝධයක්
 
පරිවර්තනය කලේ( ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දකුණේ ස්ථාපිත දේශපාළන පක්‍ෂයන්ට හෝ ඒ යටතේ තරගකරන සිංහල නයකයින්ට දෙමළ ජනතාවගේ සහයෝගය ලබා නොදෙනු ඇත” යනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රි එම්.කේ සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

තවද සිංහළ පුවත්පතකට ලබාදි ඇති සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී අදහස් දැක්වු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජනතාවට දෙමළ ජාතික සන්ධානය කෙරෙහි දැඩි කළකිරීමකට පත්ව සිටියි. 2015 වර්ෂයේ මෛත්‍රි - රනිල්ගේ රජය විශ්වාස කළ දෙමළ ජනතාව මුලාවකට පත්වි ඇත. දෙමළ ජාතික සන්ධානය ජනතාව මුලාවට පත්කිරිමක් සිදුකර ඇත. එම හේතුව නිසාවෙන් දෙමළ ජනතාව මෙම ස්ථාවරයට පැමිණ ඇත.

දෙමළ ජනතාව මේමොහොතේ පවතින රජයට පමනක් නොව, දකුණේ සිටින සිංහළ නායකයින් සම්බන්දයෙනුත් කිසිදු විශ්වාශයක් නොමැත. ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරනයේදි දකුණේ සිටින කිසිදු අපෙක්‍ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන යන මතයේ දෙමළ ජනතාව සිටි.

දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය ඇතුළුව මූලික ගැටළුවලට විසදුම් ලබාදෙන බවට පවසා බළයට පැමිණි මෛත්‍රි - රනිල්ගේ රජයද, පසුගිය රජය මෙන් දෙමළ ජනතාව මුලාවකට පත්කර ඇත. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂයට කොන්දේසි විරහිතව සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදී ඇත. කෙසේවෙතත් දෙමළ දේශපාලන රැදවියන් මේ දක්වා බන්ධනාගායේ සිටියි.‍

ජනතාවගේ ඉඩම්වල තවමත් හමුදාව රැදිසිටි. වගවීමේ යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක කර නොමැත. දේශපාළන විසදුමක් සදහා රජය ගෙන ඒමට උත්සාහ කළ ව්‍යවස්ථාමය නීතිය අතරමග ඇණහිට ඇත. වසර 5ක් අවසන්වීමට පෙර ජාතික ගැටළුවට විසදුමක් ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත.

ලබාදුන් පොරොන්දු ඉටුනොකිරිම සහ රජයට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීම හේතුවෙන් දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ දැඩි වෛරයකින් සිටියි.

එම හේතුවෙන්, ඉදිරියේදී දකුණේ නායකයින්ට දෙමළ ජනතාවගේ සහයෝගය ලබානොදෙන පසුබිමක් දැක ගැනීමට ඇත. දෙමළ ජාතික සන්ධානය මත තිබු විශ්වාසය නැතිවී ඇත. එමෙන්ම, ජාතික ගැටළුවට විසදුම් ලබාදීම, යුද අපරාධ, මානව හිමිකම් උල්ලංගනය සම්බන්ධයෙන් විමර්ශණයන් පැවැත්වීම, අතුරුදහන්වු පුද්ගලයින්ව සෙවීම, දෙමළ දේශපාළන රැදවියන්ගේ නිදහස, ආරක්‍ෂක අංශයන් අත්පත්කර ගෙන ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු බොහෝ ගැටළු මෙරටේ බලයේ සිටින හෝ බලයට පැමිණෙන කිසිදඳු රජයක් ඒ සඳහා විසදුම් ලබානොදීම හේතුවෙන්, ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල කිරිම අවශ්‍යවනු ඇත. එමනිසාවෙන් අප රාජතාන්ත්‍රිකව සටන් ආරම්භ කරන්නෙමු” යනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රි එම්.කේ සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න