Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කාටද?

|Tue, 06 August 2019|Political| Page Views : 195

අලුත් පුවත්
ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට
හෙද සේවාවේ 1603කට පත්වීම්
IORA පළමු රැස්වීමේ සත්කාරකත්වය ලංකාවට
ඔස්ට්‍රේලියාවට ලකුණු 251ක ජයක්
විරෝධතා නිසා බාධා වුණ ජීවිත
සත්වෝද්‍යානය දැන් රෑටත් ඇරලා
බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගනී
විශේෂ කාරක සභාව හමුවට අගමැති පැමිණෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා තෝරාපත් කිරීමෙන් පසු තම සහයෝගය ලබාදෙන්නේ කාහටද? යන්න සම්බන්ධයෙන් දැනුම්දෙනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

2019.08.04 වන දින ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් ත්‍රිකුණාමලය නගර සභා ශ්‍රවණාගාර ශාලාවේදි පවත්වා ඇති අතර, එම රැස්වීමට සහභාගිවී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පසුගිය රජය කාලයේදී නොයෙකුත් වැඩකටයුතු අප සිදුකරමින් සිටියෙමු. අතුරුදහන්වූවන්ගේ ගැටළුව, ඉඩම් ගැටළුව, දෙමළ දේශපාලන රැඳවියන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අප අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින්නෙමු. ජනතාව මා පිළිබඳව කොපමණ විවේචන එල්ල කළත් කමක් නොමැත. අප ජනතාව වෙනුවෙන් තෝරාපත්වූ පුද්ගලයින්ය.

ජනතාවට සේවය ලබාදෙන පුද්ගලයින්ය. ඒ හේතුවෙන්, අපව විශ්වාස කර ඡන්දය ලබාදුන් ජනතාවට අප කවදත් ණයගැති පුද්ගලයින්ය. පසුගිය කාලයේදී අපට ඔබලා කුමන ආකාරයෙන් සහයෝගය ලබාදුන්නේද? ඒ ආකාරයෙන්ම අඛණ්ඩවම අපට සහයෝගය ලබාදෙනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

මෙම රැස්වීම සඳහා ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ලේකම් කේ.තුරෙයිරාජසිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සුමන්දිරන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න