දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය!
|Thu,08 August 2019|Political| Page Views :
79
|
|
“සිංහල දේශපාලඥයින් දෙමළ ජනතාව අඛණ්ඩව රැවටීමකට ලක්කිරීම හේතුවෙන්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තරඟ කරන අපේක්ෂකයා දෙමළ ජනතාව ප්රතික්ෂේප කල යුතුය. තම ඉල්ලීම් පිළිගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව නිවැරදි තීරණයක් ගත යුතුය.
මැතිවරණයේදී ඡන්දය ලබාදීමේ අයිතිය මා උඳුරාගන්නේ නොමැත” යනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම් ප්රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්රකාශ කර ඇත.
“හැකියාවක් ඇත්නම් ඉදිරි මැතිවරණයේදී දෙමළ අපේක්ෂකයෙකුව ඉදිරිපත් කිරීමට සූදානම්ය. එය සාධාරණව පවත්වන්නේ නොමැති හේතුවෙන් මැතිවරණය ප්රතික්ෂේප කරන ලෙස මා ඉල්ලා සිටියෙමි.
මේ වනවිට පවතින යහපාලන රජය පසුගිය වසර 4½ක කාලයේදී ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුනොකිරීම හේතුවෙන්, මීළඟට පැමිණෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්රකාශ කර ඇත.
|
|