Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සී.වී.විග්නේෂ්වරන් තමන්ට බලයක් නැතැයි යන්න ප්‍රකාශ කිරීම අසත්‍යයකි!

|Thu,08 August 2019|Political| Page Views : 79

අලුත් පුවත්
දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය!
දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳ ශිවමෝහන්ගේ අදහස!
තවදුරටත් වැසි හා සුළං
දුම්වැටි 500 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
කොළඹ කුණු අද සිට අරුවක්කාලු ගෙනියයි
භාතිය ජයකොඩිගෙන් යාපනයේ පවුලකට නව නිවසක්
අනවසරයෙන් ඉදිකිරීම් ඉවතට
ජාවාරම්කරුවන් හා යුධ හමුදාව අතර ගැටුමක්
 
පරිවර්තනය කලේ(සමකලම් වෙබ් අඩවිය)

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කල පී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගත් තීරණයක් බවට මහාධිකරණය විසින් ප්‍රකාශ කර ඇත.

එම තීරණය සම්බන්ධයෙන් 2019.08.05 වන දින අදහස් දැක්වූ සී.වී.විග්නේෂ්වරන්, උසාවියේ තීරණය මගින් 13 වන සංශෝධනය කොතරම් දුරට දුර්වලද? යන බව ජනතාවට පැහැදිලි වන්නට ඇතැයි යන්න ප්‍රකාශ කර ඇති බවට දැනගැනීමට ලැබී ඇත.

මෙවැනි පසුබිමකදී, 13 වන සංශෝධනය දුර්වලද? යන්න හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ලැජ්ජා සහගත ප්‍රකාශයක් බව උතුරු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක එස්.තවරාසා ප්‍රකාශ කර ඇත. 2019.08.06 වන දින යාපනයේ පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී එස්.තවරාසා මේ බව ප්‍රකාශ කර ඇත.

“13 වන සංශෝධනය මගින් අමාත්‍යවරුන්ව පත්කිරීම සහ ඉවත් කිරීම ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශය මත ආණ්ඩුකාරවරයා යන්න පැහැදිලිව ප්‍රකාශ කර තිබීම පැහැදිලි කරදෙන ලදි. එමෙන්ම, මධ්‍යම රජයේ අමාත්‍යවරුන් පත්කිරීම සහ ඉවත් කිරීමේ කටයුතු මේ ආකාරයෙන්ම පැවැත්වෙනු ඇත. මෙය නොදැන හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් තමන්ට බලයක් නොමැත යන ප්‍රකාශය අසත්‍යයකි” යනුවෙන් එස්.තවරාසා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න