Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කසාද සහතිකේත් ඩිජිටල් වෙයි!

|Fri,09 August 2019|Miscellaneous| Page Views : 17

අලුත් පුවත්
පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි වර්ධනයට අමෙරිකාවෙන් ගුරුවරු
ගණිකා නිවාසයක් වටලයි
කජු පොතු ටොන් 15ක් මහමඟ පෙරළෙයි
අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි
එජාප පසුපෙළත් අද රැස්වෙයි
පුහුණු තරගයේ දෙවන දිනය අදයි
ජම්මු-කාශ්මීරය කඩා බෞද්ධ ප්‍රාන්තයක් හදයි
ජනපතිවරයා පත් කළ කමිටුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට
 
චීනයේ ක්ෂණික ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් වන අලීපේ (Alipay)සේවය විසින් පළාත් මට්ටමේ පරිපාලන ප්‍රදේශ පහක් තුළ විද්‍යුත් විවාහ සහතික (e-certificate) ලබා දීමේ සේවාවක් දියත් කර තිබේ.

නැගෙනහිර චීනයේ ෆුජියාන්, ජියැන්ග්සි, ජියැන්ග්සු සහ ජේජියැන්ග් පළාත්වල මෙන්ම නිරිතදිග චීනයේ චොංචිං මහ නගර සභාවට අයත් අලීපේ පාරිභෝගිකයන් හට පළාත් පාලන ආයතනවල කුඩා වැඩසටහන් පිළිබඳ විද්‍යුත් සහතික සඳහා අයදුම් කළ හැකි වේ.

විවාහය ලියාපදිංචි කිරීම සඳහා වේලාවක් වෙන් කරගැනීම හෝ විවාහයක තොරතුරු සත්‍යාපනය කිරීම වැනි සේවා ද මෙම කුඩා වැඩසටහන් මගින් ලබාදේ.

විවාහ සහතිකය යනු චීනයේ බොහෝ කාර්යයන් හා බැඳුනු වලංගු නීතිමය ලියවිල්ලකි. විවාහයක නීත්‍යානුකූලභාවය සනාථ කිරීමට අමතරව, නිවාස මිලදී ගැනීමේ ණය, උපත් ලියාපදිංචි කිරීම්, දේපල පැවරීම් සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා ද මෙම සහතිකය යොදා ගනී.

මෙවැනි වැදගත් කාර්යයන් සඳහා යාමේදී විවාහ සහතිකය රැගෙන යාමට ඇතැමුන් හට අමතක වන බැවින් එහි ඩිජිටල් අනුවාදය පහසු විකල්පයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිය පාරිභෝගිකයන් හට විද්‍යුත් සහතිකපත් ලබාදීම සම්බන්ධයෙන් අලීපේ සේවය වසර ගණනාවක් පුරාවට චීනයේ පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. සමාගමේ දත්ත වලට අනුව විද්‍යුත් සමාජ ආරක්ෂණ කාඩ්පත්, රියදුරු බලපත්‍ර සහ ශිෂ්‍ය හැඳුනුම්පත් ඇතුළු සහතික වර්ග 90 කට අධික ප්‍රමාණයක විද්‍යුත් සහතික සඳහා අලීපේ පාරිභෝගිකයන් හට ඉල්ලුම් කළ හැකිය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න