Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

|Tue,13 August 2019|Special| Page Views : 275

අලුත් පුවත්
බලන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්
සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න
සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
 
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දකුණු පළාතේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වාද ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට ඉහල හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න