Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාකිස්තානයේ ක්‍රිකට් ගහනවාද නැතිද අවසන් තීන්දුව සති 02කින්

|Tue,13 August 2019|Special| Page Views : 327

අලුත් පුවත්
2028 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක් කිරීමට සූදානමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
බලන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්
සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න
සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව 'අද'ට වාර්තා වේ. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.

අප මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ එළඹෙන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන ඇති හෙයින් පාකිස්තානු සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තාව කඩිනමින් අවසන් කර විධායක කමිටුවට ඉදිරිපත් කරන බවයි.

"අපි අධ්‍යයන සංචාරයේ වාර්තාව සකසමින් ඉන්නේ. අපේ බලාපොරොත්තුව මීළඟ විධායක කමිටු රැස්වීමට එය ඉදිරිපත් කිරීමටයි. අනතුරුව අපේ වාර්තාව සහ පාකිස්තානයෙන් ලබාගත් විශේෂ බුද්ධි අංශ වාර්තා සළකලා බලල තමයි පාකිස්තානයේ සංචාරය කරනවාද කියලා තීරණය කරන්නේ. කොහොමත් අපිට මේ සම්බන්ධයෙන් සතියක් දෙකක් ඇතුළත තීරණයක් ගන්න වෙනවා" යැයි ක්‍රිකට් ආයතන ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න