Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත

|Tue,13 August 2019|Political| Page Views : 114

අලුත් පුවත්
පාකිස්තානයේ ක්‍රිකට් ගහනවාද නැතිද අවසන් තීන්දුව සති 02කින්
2028 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක් කිරීමට සූදානමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
බලන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්
සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“මේ වනවිට අතුරුදහන්කල පුද්ගලයින්ගේ ඥාතීන් හැඬූ කඳුලින් සිටිනු ඇත. මේ සියල්ලටම පිළිතුරු ලබාදීමේ වගකිම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට තිබෙනු ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ශ්‍රීනේෂන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ 2019.08.11 වන දින නිල වශයෙන් දැනුම්දී ඇති තත්වයක අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දකුණු පළාතේ සිට පැමිණෙන නායකයින් ජාතිවාදි මතයට ඇලී සිටියි. ජාතිවාදය පමණක් අතෙහි තබාගෙන පාලනය කරන්නන් එලෙස නොවී ප්‍රගතිශීලි චින්තනයෙන් සිටියි. ඔවුන් ජාතිවාදි ගැටළුවට විසදුමක් ලබානොදෙමින් සිටියි. මේ හේතුවෙන් සදාචාරත්මක අරගල, සන්නද්ධ අරගල පැවැත්වෙනු ඇත.

එයට විසඳුමක් යුද්ධයකින් ලබාගත නොහැකිය. ඒ හේතුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදි ලෙස සාකච්ඡා ඔස්සේ ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගැනීම මගින් ජාතික ආර්ථිකය සහ ස්වෛරිභාවය නංවාලීමට හැකිය යන්න සිතුවිලි පහලවිය යුතුය.

මේ වනවිට අතුරුදහන්කල පුද්ගලයින්ගේ ඥාතීන් තවමත් හැඬූ කඳුලින් සිටියි. මේ සියල්ලටම පිළිතුරු ලබාදීමේ වගකීම ඔහුට තිබෙනු ඇත. ‘මෙම ජාතිවාදි ගැටළුව විසදීමට අවශ්‍ය ශක්තිය, පෞරුෂත්වයකින් යුත් නායකයින් ලෙස සුළු ජාතීන්ගේ ඡන්ද නොමැතිව ජයගනිමු’ යන්න ප්‍රකාශ කරන්නන් බලන විට සුළු ජාතීන් ලැජ්ජාවට පත්වනු ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සිතන පරිදි බහුවාර්ගික ජනගහනයක් කළමනාකරණය කිරීම සඳහා සුසුදුකම් ඔහු සතුව තිබේද? යන්න පැනයක් මතුවනු ඇත.

දෙමළ ජනතාවට සිදුකර ඇති අක්‍රමිකතාවයන්ට ඔහුත් එක් හේතුවක් යන්න දෙමළ ජනතාව අතරද, මධ්‍යස්ථ සිතුවිලි දරන්නන් අතරද කතාබහට ලක්වනු ඇත. මෙලෙස විවිධ අක්‍රමිකතා සිදුකල ඔහු මෙම ජාතිවාදි ගැටළු දහය එකොළහ කරනු ඇත” යනුවෙන් ජී.ශ්‍රීනේෂන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න