Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට

|Tue,13 August 2019|Political| Page Views : 112

අලුත් පුවත්
පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත
පාකිස්තානයේ ක්‍රිකට් ගහනවාද නැතිද අවසන් තීන්දුව සති 02කින්
2028 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක් කිරීමට සූදානමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
බලන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්
සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

වව්නියාවේ පදිංචි පුද්ගලයෙකුව පැහැරගෙනයාමට උත්සාහ කල ප්‍රංශයේ පදිංචි පුද්ගලයෙකු ඇතුළු 04 දෙනෙකු මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයින් 03 දෙනෙකු සොයමින් සිටින බවට මුලතිව් පොලීසිය ප්‍රකාශ කර ඇත.

වව්නියාව් පදිංචි එස්.නාගේන්ද්‍රන් (අවු:42) නැමැති පුද්ගලයාව මුලතිව් දිස්ත්‍රික්කයේ මංකොල්ල කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් පැහැරගත් පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන සිදුකරමින් සිටියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන සිදුකරමින් අපරාධකරුවන්ව අත් අඩංගුවට ගෙන ඇත. 2019.08.01 වන දින වව්නියාවේ පදිංචි පුද්ගලයෙකු මුලතිව් දිස්ත්‍රික්කයේ විමුක්ති කොටි සංවිධානයේ රත්තරන් වළදමා ඇති අතර, එය සොයාගැනීමට පැමිණෙන ලෙසට ප්‍රකාශ කර ඉන් අනතුරුව, කුඩා වර්ගයේ වාහනයකින් පැහැරගෙන ගොස් මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ නිවසක සිරකර තබා, පසුව යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක සිරකර තබා පැරගත් පුද්ගලයාගේ බිරිඳට ජංගම දුරකථනයෙන් බියගන්වා මුදල් ලබාගැනීමේ උත්සාහයක නිරතවී ඇත.

මෙම සිදුවිම සම්බන්ධයෙන් පැහැරගත් පුද්ගලයාගේ බිරිඳ 2019.08.01 වන දින මුලතිව් පොලීසියට පැමිණිලි කර ඇත. ප්‍රංශයේ සිටින යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් ශිවරංසිදන් යන පුද්ගලයාගේ නායක්තවයෙන් 07 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මංකොල්ලකෑමේ කටයුතුවල නිරතවී ඇත.

චාවකච්චේරිය, මන්නාරම, වව්නියාව යනාදි දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් මෙලෙස පැහැරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණයවීම හේතුවෙන්, 2019.08.03 වන දින යාපනය සහ චාවකච්චේරි ප්‍රදේශයට ගිය ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධාරින් විසින් පැහැරගැනීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු අත් අඩංගුවට ගෙන මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන්ව 2019.08.08 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත. 2019.08.08 වන දින මෙම නඩුවේ අපරාධකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී, ඔවුන්ව 2019.08.20 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත. මෙම පැහැරගැනීමේ සිදුවීමට සම්බන්ධ තවත් තිදෙනෙකු මුලතිව් පොලීසිය සොයමින් සිටින බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න