Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් අද තරගයට

|Wed,14 August 2019|Security| Page Views : 11

අලුත් පුවත්
මධ්‍යම කදුකරයේ තද වැස්සෙන් කොටගල පහත්බිම් රැසක් යට වෙයි
නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි
Kabhi Alvida Naa Kehna චිත්‍රපටයට වසර 13ක් වෙද්දී ශාරුක්ගේ පුතාට හිටිය පුංචි කෙල්ල අද කියන කතාව
දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර
බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
 
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් අද (14) පිටියට පිවිසෙනු ඇත.

මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමෙහි පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන අතර එය පළමුවරට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී හඳුන්වා දෙන ලදි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.

දෙරට අතර අවසන් වරට 2018 දෙසැම්බර් පැවැති ටෙස්ට් තරඟයේදී ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර අවසන්වරට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගෙන ඇත්තේ 2012 වසරේදීය.

මේ අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රිඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න