Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි

|Wed,14 August 2019|Special| Page Views : 89

අලුත් පුවත්
ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් අද තරගයට
මධ්‍යම කදුකරයේ තද වැස්සෙන් කොටගල පහත්බිම් රැසක් යට වෙයි
නිකිණි පුර ප‍සලොස්වක පො‍හොය අදයි
දුම්රියටත් ළඟදීම ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශ පත‍්‍ර
බඹර කූඩුවක් කැඩීමට ගිය යුද සෙබළා මරුට
ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
 
ලංකා IOC සමාගම ද ඊයේ (13) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 04කින්. සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දැමීමට ද IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 166ක්. සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් වනවා. කෙසේවෙතත් IOC සමාගම ඔක්ටේන් 92 පෙට‍්‍රල් සහ ඔටෝ ඞීසල් මිල ගණන් සංශෝධනය කර නැහැ.

ඉන්ධන මිල සඳහා වන මිල සුත‍්‍රයට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ද ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දැමුණා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් සහ ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් වැඩි කෙරෙන බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.

සුපිරි ඞීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 03කින්. මෙම මිල සංශෝධනය අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 138ක් වන අතර ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 163ක්. සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් වනවා. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වල ද ඔටෝ ඞීසල් මිල වෙනස් වන්නේ නැහැ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න