Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කකුලක් නැති ඉතාලි රූ රැජන ලොවට කියාදුන් ධෛර්යයේ පාඩම

|Mon,26 August 2019|Gossip| Page Views : 229

අලුත් පුවත්
මත්ගුලි පෙට්ටි 700ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
දෙමළ ජාතික වීරවරයෙකු වු පණ්ඩාර වන්නියන් ගුණ සමරයි.
වෙල්ලස්ස කැරැල්ලෙ වීරයන්ගෙ නම් හූනන්ට දැම්මෙ නිකම්ම නෙවෙයි!
හොරිවිලෙන් සේනා යළිත් කරලියට
පානදුර දී මාරක රිය අනතුරක්
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්
ප්‍රබල අපරාධකරුවන් 15ක් බූස්ස බන්ධනාගාරයට
 
බොහෝ දෙනා ලෝකය සමඟ තරග කරද්දී ඇයට ඊට පළමුව තමා සමඟ තරග කරන්නට සිදුවිය. ඇතැමෙක් ඇයට ජයපතා ඔල්වරසන් දෙද්දී ඇතැමෙක් ඇයට එරෙහිව අවලාද නැඟුවෝය. තරගයකදී අසන්නට ලැබෙන අවලාද ඒ හැටි ගණනකට ගත නොයුතු වුවද ඇය එයින් කම්පා වූයේ ඇයට එරෙහි ඒ අවලාද නැඟුණේ තම සිරුරේ වූ අඩුපාඩුවක් ඉලක්ක කරමින් වූ බැවිනි. එහෙත් ඈ අවසානයේ දිනුවාය. ලොවම තම වසඟයට ගත්තාය. ඒ මීට හරියටම වසරකට පමණ අසන්නට ලැබුණ කියාරා බෝර්දිගේ කතාවයි.

පසුගිය සැප්තැම්බරයේ එක් අඟහරුවාදාවක මිලානෝවේහි පැවැති ඉතාලි රූ රැජන තරගයේ තුන්වැනි තැනට පත් කියාරා බෝර්දිගේ කතාවයි.

දහතුන් හැවිරිදි වියේදී මුහුණ දෙන්නට සිදුවූ මෝටර් බයිසිකල් අනතුරක් හේතුවෙන් අහිමි වූ පාදය වෙනුවට තම සිරුරට එක්වූ කෘත්‍රිම පාදය සහිතව මහා ඉසව්වට ඉදිරිපත් වූ මේ සුන්දරිය එහි තුන් වැනි තැන දිනාගන්නට සමත් වූවාය. එහෙත් මේ කාලය මුළුල්ලේ ඇයට අසන්නට ලැබුණු අවලාද මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

බොහෝ දෙනා පවසා තිබුණේ තම අබල දුබල බව නිසා ලද අනුකම්පාව හේතුවෙන් ඇයට මේ ජයග්‍රහණය ලබාගන්නට හැකි වූ බවයි. රූ රාජනිය වශයෙන් ඉතාලි නිළි කාර්ලටා මැගීයොරානා කිරුළු පළන් මේ තරගයේදී ඇය තරග කළේ අන් කිසිවකුට දෙවැනි නුවූ අභිමානවත් හැසිරීමකින් යුතුවය. පාදයක් අහිමිව ගිය බවක වග ඇය තුට්ටුවකට මායිම් නොකළ බවක් පෙනුණි. ඉතාලි රූ රැජන අවසන් මහා තරගයක කෘත්‍රිම පාදයක් සමඟ තරග කළ

පළමුවැනි රූමතිය ලෙසින් ඇය ඉතිහාසයට එක් වූවාය.

කෙසේ වතුදු 2018 වසරේ පැවැති මේ අවසන් තරගයට ඇයට මුහුණ දෙන්නට සිදුවූයේ අවලාද කන්දකට මැදිවය. ෆේස්බුක් ආදී වශයෙන් වූ විවිධ සමාජ ජාලා හරහා ගොඩනැඟුණු අවලාදවලට ඕ මුහුණ දුන්නේ සංසුන්වය. ඕ මේ සියල්ල එක් අපූරු පිළිතුරකින් පිළිකෙව් කළාය.

“මට කකුලක් නැති එක ඇත්ත තමයි. ඒත් කනගාටුවට කාරණය ඔබට හදවතක් හෝ මොළයක් හෝ නැති වීමයි.”

ඇය සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් කළාය.

ඇය තමා හඳුන්වාගන්නේ බයෝනික (ජීවි අංග ලෙස ක්‍රියාකරන යාන්ත්‍රික කොටසකින් යුතු) නිරූපණ ශිල්පිනියක ලෙසය. බි්‍රතාන්‍යයේ ර්ධඤඥතඵ ධට ච්ඪමඥපඵඪබර සමඟ එක්ව කටයුතු කළ අෑ මේ ක්ෂේත්‍රයේ අලුත් පිබිදීමක් ඇති කරන්නට දායක වූවාය.

මධ්‍යම ටාර්කිනියානු පළාතේ සිට පැමිණි කියාරාගේ අරමුණ වන්නේ විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් වීමය. එසේම වටපිටාවද ජීවිතයද විඳින්නට ඇය සිය කෘත්‍රිම පාදය බාධාවක් කනස්සල්ලට කාරණයක් කර නොගත්තාය. ඇය සංචාරයෙහි ප්‍රිය තරුණියකි. එමෙන්ම ක්‍රීඩිකාවකි. රුවල් ඔරු පැදීම, රෝලර්බ්ලේඩිං, වින්ඩ්සර්ෆින්, කිමිඳුම් වැනි ත්‍රාසජනක ක්‍රීඩා ඇගේ ප්‍රියතම ඉසව් අතර වෙයි.

“මා මේ තරගයට මුහුණ දුන්නේ බොහෝ අභියෝග මැද්දේයි. බොහෝ අවලාද මැද්දේයි. ඒක වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරමේ අසීරු හැඟීමක්.”

ඇගේ රූප රාජනී ජයග්‍රහණය නිසා පමණක් නොව ඈ ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ. ඇගේ ධනාත්මක සංකල්ප හා අදහස් අද දවස වන විට ලොව බොහෝ දේශකයන්ගේ දේශනවලට එක්වී හමාරය. ඇගේ ධෛර්යවන්ත බව පෙන්වන වීඩියෝ පට ඒ සඳහා යොදා ගැනෙයි.

“මා මේ තරගයට ආවේ දිනන්නට නොවෙයි. ඒත් මට අවශ්‍ය වුණා ලෝකයට පෙන්වන්න කෙතරම් තාවකාලික පසුබෑම් ආවත් අහිමිවීම් සිදුවුණත් තවමත් ඔබට ඔබේ ජීවිතය විඳින්නට ඉඩ තිබෙන බව පෙන්වන්නට.”

ඇය පවසන්නේ ධෛර්යය ආත්ම විශ්වාසය හා දරා ගැනීම පිළිබඳ අපූරු පාඩමක් ලොවට කියාදෙමිනි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න