Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නවදිල්ලියට යෑමට සුදානම් වන දමිළ ජාතික සන්ධානය

|Tue,27 August 2019|Political| Page Views : 37

අලුත් පුවත්
හෙරොයින් ළඟ තබාගෙන සිටි 4ක් අත්අඩංගුවට
කැනඩාවේ නියෝජිතයින් පිරිසක් උතුරේ හමුවක
අද සිට සූර්යයා ශී‍්‍ර ලංකාවට ඍජුවම ඉහළින්
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 2ක වර්ජනයක්
බදුරලියේ මනුෂ්‍ය ඝාතනයක්
ඉදිරි දින කිහිපයේ වැසි වැඩි වෙයි
අමෙරිකාවේ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මරුට
මතභේද විමර්ශනය කිරිම සඳහා කමිටුවක්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

දමිළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය රජයත් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා දමිළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ නවදිල්ලියට යාමට සුදානමින් සිටින බව දමිළ ජාතික සන්ධනයේ නායක ආර්. සම්බන්දන් ප්‍රකාශකර ඇත.

“ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණි අවස්ථාවේදී, බොහෝ ගැටළු සම්බන්ධයෙන් ඔහුත් සමග සාකච්ඡා කලෙමු. එම අවස්ථාවේදී නවදිල්ලියට පැමිණෙන ලෙස ඔහු අපගෙන් ඉල්ලීමක්ද කලේය.

ඉතාමත්ම ඉක්මණින් එම සංචාරය සිදුවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ජාතික ගැටළුව සම්බන්ධයෙන් මෙරට රජය ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් සහතිකය කැපවීමෙන් පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වඩාත් ක්‍රියාකරී භූමිකාවක් ඉටුකළ යුතුබව අප නවදිල්ලියේදි අවධාරණය කිරීමට නියමිතයි. ජාතික ගැටළුවට රජය මෙතෙක් විසඳුමක් ලබාදී නොමැතිවීම සම්බන්ධයෙන්ද අප නවදිල්ලියත් සම සාකච්ඡාකිරීමට නියමිතයි.”

තවද, “මෙම ගැටළුව සම්බන්ධ යෝජනාවට සහාය දුන් ඉන්දියාව හා අනෙකුත් රටවල්වලට මෙන්ම සාකච්ඡාවන් සඳහා සහය දුන් රටවලටද රජය විසින් ඇතැම් පොරොන්දු ලබාදී ඇති නමුත් එම පොරොන්දු ඉටුකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙරට රජය වෙත පැවසිය යුතු බව” ද දමිළ ජාතික සන්ධනයේ නායක ආර්. සම්බන්ධන් වඩිදුරටත් ප්‍රකාශකර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න