Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆෙඩෝර් රොබෝව රැගත් යානාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

|Wed,28 August 2019|Special| Page Views : 48

අලුත් පුවත්
දුම්රිය අනතුරට 4කගේ වැඩ තහනම්
නිදන් හැරූ 5ක් අල්ලයි
ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ
පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක
 
මිනිස් ක්‍රියාකාරකම් අනුගමනය කල හැකි රුසියාවේ ෆෙඩෝර් රොබෝව රැගත් යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ඇතුළු වී තිබේ.

රොබෝව දින 10ක පමණ කාලයක් එහි රැදී සිටිනු ඇති.

රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානාව මගින් ගුවන වෙත යොමුකළ අධි තාක්ෂණික රොබෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇතුලු වී තිබේ.

යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුලුවීමට පසුගිය සති අන්තයේදීත් සුදානම් වු නමුත් එය අසාර්ථක විය.

ඒ හේතුවෙන් මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ෆෙඩෝර් නමැති මෙම රොබෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණවල නියුතු ගගනගාමීන් වෙත සිය සහාය ලබාදීමට නියමිතයි.

එමෙන්ම රොබෝවේ හැකියාවන්ද මෙහිදී ප්‍රයෝජනයට ගැනීමට සූදානමින් පසුවෙයි.

අවසන් පර්යේෂණ ආදර්ශන උපකාරක ගවේෂණය යන තේමාවෙන් යුතුව මෙම අපූරු රොබෝව ෆෙඩෝර් ලෙසින් නම්කර තිබේ.

ස්කයිබොට් එෆ් 850 ලෙසින් ද නාමකරණය කර ඇති එය රුසියාව මඟින් ගුවනට යැවූ පළමු මානව හැකියාවන් ඇති රොබෝවායි.

කෙසේ නමුත් නාසා ආයතනය 2011 වසරේදී මෙවැනි ක්‍රියාකාරිත්වයක් ඇති රොබෝවක් අභ්‍යවකාශය වෙත යවා ඇති අතර එය නම් කර තිබුණේ රොබොනට් ටූ ලෙසයි.

රොබෝ රැගත් යානාව ලබන මස 07වැනිදා දක්වා එහි රැදී සිටිනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න