Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියට සමුදෙයි

|Thu,29 August 2019|Gossip| Page Views : 64

අලුත් පුවත්
අයිස් හා හසීස් සමග අයෙක් අත්අඩංගුවට
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගනී
බස් රථයක් පෙරලි හයක් රෝහලේ
කැන්ටබරියේ අගරදගුරු හිමියෝ අද මෙරටට පැමිණෙයි
කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට
ෆෙඩෝර් රොබෝව රැගත් යානාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
දුම්රිය අනතුරට 4කගේ වැඩ තහනම්
නිදන් හැරූ 5ක් අල්ලයි
 
වයස අවුරුදු 85ක ක්‍රිකට් ක්‍රීඩකයකු වසර 60කට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළිමෙන් අනතුරුව තම ක්‍රීඩා දිවියට සමුදීමේ පිළිබඳ ඇදහිය නොහැකි පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි.

ඒ අනුව සෙසිල් රයිට් නම් 85 හැවිරිදි වියේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා එළැඹෙන සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වෙන ‘පෙනී ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘ස්ප්‍රිංහෙඩ්’ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයේදී කේ‍රාම්ප්ටන් කණ්ඩායම නියෝජනය කරමින් වසර 60කට අධික තම ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

1959 වර්ෂයේදී බාබඩෝස් කණ්ඩායම නියෝජනය කරමින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති රයිට් මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7000කට අධික වන බවත්, ඔහු සර් ගාෆිල්ඩ් සෝබර්ස්, සර් විවියන් රිචර්ඩ්ස් වැනි ක්‍රිකට් දැවැන්තයන් සමඟින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දක්වා තිබිණි. කෙසේ වෙතත් 1962 වර්ෂයේදී එංගලන්තයට සංක්‍රමණය වී ඇති රයිට් තම අනාගත දිවිය එංගලන්තයේ ගත කිරීමට තීරණය කරමින් කේ‍රාම්ප්ටන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමඟින් එක් වී ඇත.

මේ අතර තම විශ්‍රාම යෑම සම්බන්ධයෙන් ‘විස්ඩන්’ සඟරාව වෙත අදහස් දක්වා ඇති සෙසිල් රයිට් “මෙතරම් දීර්ඝ ක්‍රීඩා දිවියක් ගත කිරීමේ රහස මා තවම දන්නේ නැහැ. එය දැන සිටියානම් බොහොම සතුටින් ඒ රහස කියන්න තිබුණා. මම ආසා කරන හැම දෙයක්ම ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වුවත් මද්‍යසාර භාවිතය නම් ඉතාමත් අඩුයි. මම ඉතාමත් හො¼ද ශරීර සෞඛ්‍යයෙන් සිටිනවා.

කෙසේ වෙතත් පුහුණුවීම් මඟහැරීමේ උපක්‍රමයක් ලෙසින් පමණයි මම වයස යොදා ගන්නේ. වයස්ගතවීමත් සමඟින් මගේ ශරීරයේ ඇති වන වේදනා සහ කැක්කුම් මැඬපවත්වා ගැනීමේ ක්‍රමයක් ලෙසින් ක්‍රීඩාශීලී ජීවන රටාවක් අනුගමනය කිරීමට මම හුරුවී තිබෙනවා. මා අකැමැතිම කාර්යය පුටුවකට බර වෙලා රූපවාහිනිය නැරඹීමයි” යනුවෙන් පවසා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න