Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඡන්දය ලබාදීමේ මානසිකත්වයක් දමිළ ජනතාවට නොමැත

|Mon,02 September 2019|Political| Page Views : 109

අලුත් පුවත්
අධ්‍යාපන ඇමති අද ජනාධිපති කොමිසමට
 
පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබාදීමේ මානසිකත්වයක් දමිළ ජනතාවට නොමැති බව ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත. චෙන්නායිහිදී මාධ්‍යයකට ලබාදුන් විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

සියළුම දේශපාඥයින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයින් තමන්ව රැවටීමකට ලක්කර ඇතැයි යන මානසිකත්වයකින් ජනතාව සිටී. මේ හේතුවෙන් කිසිවෙකුවත් විශ්වාස කිරීමට නොහැකිය යන තීරණයේ ඔවුන් සිටී.

එබැවින්, ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් සිටියදී ලක්‍ෂ ගනණක දමිළ ජනතාව ඝාතනය කරන ලදී.

මෙවැනි පසුබිමකදී, ගෝඨාභයට ඡන්දය ලබාදීම සඳහා ඉදිරිපත් නොවනු ඇත. එමෙන්ම, එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වන පුද්ගලයා දමිළ ජනතාවට යහපතක් ඉටුකරයිද යන විශ්වාසය දමිළ ජනතාව තුළ නොමැත. නමුත්, ‘දමිළයින්ගේ ඉල්ලීම් ඉටුකරන්නෙමු’ යන පොරොන්දුව ලබාදෙන්නේ නම් පමණක් ඔවුන් ඡන්දය ලබාදීමේ අවස්ථාවක් පවතින බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න