Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුකම්පාව නොව පිළිතුරු අවශ්‍යයි

|Tue,03 September 2019|Political| Page Views : 52

අලුත් පුවත්
විධායක බලය ඉවත්කිරීමට ඉඩ ලබා නොදෙන්නෙමු
ඇල්පිටියේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11
ඡන්ද හිමි නාම ලේඛණය අන්තර්ජාලයට
ප්‍රචණ්ඩ කුණාටුව 5 ක් බිලි ගනී
ශ්‍රි ලංකාවට ICCයෙන් දඩ
පුහුණුකරුවෙක් වෙන්න සියලු සුදුසුකම් තිබෙනවා-අජන්ත මෙන්ඩිස්
ටෙනිස් ශූරයා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට
ජනපතිට 68 යි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවන තෙක් අතුරුදහන්වූවන්ගේ පවුලේ අය විසින් කරනු ලැබු පැමිණිලි කිසිවක් රජයේ ආයතනයන්හි සැලකිල්ලකට නොගන්නා බව අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරියක් ජෙයදීපා පුන්‍යමුර්ති පවසයි.

ජාත්‍යන්තර බලහත්කාරයෙන් අතුරුදහන්කළ පුද්ගලයින්ගේ දිනය නිමිත්තෙන් පසුගිය දවස්වල බලහත්කාරයෙන් අතුරුදහන්කල පුද්ගලයින්ව සිහිකිරීමේ වැඩසටහනක් 2019.08.30 වන දින අතුරුදහන්වුවන්ගේ කාර්යාලය විසින් කොළඔදී සංවිධානය කර ඇත.

එම අවස්ථාවට සහභාගිවු අතුරුදහන්කළ පුද්ගලයින් සම්බන්ධ කාර්යාලයේ කොමසාරිස්වරියක් වන ජෙයදීපා පුන්‍යමුර්ති විසින් මෙසේද ප්‍රකාශකර ඇත. “මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් වූ විට මා පොලිසිය වෙත පැමිණිල්ලක් ලබාදීම සඳහා ගිය අවස්ථාවේදි මාගේ ස්වාමි පුරුෂයාට නිදාගෙන සිටියදී ඇවිදීමේ රෝගයක් තිබෙන්නේද යනුවෙන් අසන ලදී.

සත්‍ය වශයෙන්ම රාජ්‍ය ආයතන මාගේ අවශ්‍යතාවය කුමක්ද යන්න තේරුම්ගෙන නොමැත. අනුකම්පාව නොව ප්‍රශ්ණයට පිළිතුර අපගේ අවශ්‍යතාවය වී ඇත.”

“වර්ෂ ගණනාවක සිට බලහත්කාරයෙන් අතුරුදහන්කල පුද්ගලයින්ගේ පවුල් සඳහා උපකාර කිරීමට කිසිදු ව්‍යුහයන් නොතිබෙන ලදී. මේ වනවිට ජයග්‍රහණයක් ලබාගනිමින් අතුරුදහන්වුවන් සඳහා කාර්යාලයක් පිහිටුවා ඇත.

එම කාර්යාලය පිහිටුවන තෙක් අතුරුදහන්කළ පුද්ගලයින්ගේ පවුල් විසින් සිදුකරනු ලැබු පැමිණිලි ඊට අදාල රජයේ ආයතන කිසි‍වක් සැලකිල්ලට නොගන්නා ලද බවද” අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරියක වන ජෙයදීපා පුන්‍යමුර්ති විසින් ප්‍රකාශකර ඇත.  

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න