Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සජිත් ප්‍රේමදාසට සහයෝගීව අදහස් දැක්වීම ආරම්කර ඇත.

|Fri,06 September 2019|Security| Page Views : 25

අලුත් පුවත්
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණයට
බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ ගින්නක්
දකුණු පළාතට ID හා ප්‍රා.ලේකම් කාර්යාලයක්
ඇල්පිටියේ CTB බසයක වෙඩි තැබීමක්
අකුරැස්සේ වෙඩි තැබීමක්
සත්වෝද්‍යාන සේවකයින් හෙට සංඛේත වර්ජනයක
කැබ් රථයේ ගැටුණු යතුරුපැදිය ජීවිතයක් අහිමි කරයි
අවිස්සාවේල්ල-කොළඹ ලෝලෙවල් මාර්ගය හිරවෙයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)
දමිළ ජාතික සන්ධා‍නයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාසට සහයෝගීව අදහස් දැක්වීම ආරම්කර ඇත. ජනාධිපතිවරණයේදී කාහට සහයෝගය ලබා දෙන්නේද යන්න තවමත් තීරණය කර නොමැති තත්වයක, දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ සජිත්ට සහයෝගීව අදහස් දක්වමින් සිටී.

2019.09.04 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වු දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රීදරන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ‍දමිළ ජනතාව අතරේ විශ්වාසයක් ඇතිවී පවතින බව ප්‍රකාශ කර ඇත.

“සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් දමිළ ජනතාව තුළ විශ්වාසයක් ඇති වී ඇති බැවින් ඔවුන් නිවාස යෝජනා ක්‍රම හා සංස්කෘතික අරමුදල පිළිබඳව සෑහීමකට පත්වනු ඇතැයි යන්න අපේක්ෂා කරන්නෙමු. අපගේ රටේ විවිධ ජාතීන් වාසය කිරීම හේතුවෙන් විවිධ සංස්කෘතීන් අනුගමනය කරනු ලබයි. නමුත් රටේ ප්‍රධාන ආගම් 4 අතරේ සංස්කෘතික සංවිධාන හා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් බෙදාහැරිය යුතුය.

පසුගිය කාලයන්හිදී එවැනි කටයුතු සිදුකර ඇති බවට දක්නට නොලැබේ. ඒ සමඟ බොහෝ සංස්කෘතීන් අනුගමනය කරන අප ‍රටේ එක් ජාතියක් තවත් ජාතියක සංස්කෘතියක් අවමානයට ලක්කිරීම ජාති හා ආගමික ගැටළු සඳහා හේතුවන අතර, එය ජාතික සංහිඳියාව කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත. පසුගිය කාලයන්හි එවැනි තත්වයන්වලට අප මුහුණදී ඇති බැවින් එවැනි තත්වයන් අනාගතයේ සිදුනොවන ආකාරයෙන් කටයුතු සිදුකල යුතු” බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් ප්‍රකාශ කර ඇත.

තවද, 2019.09.04 වන දින දමිළ ජාතික ස්නධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීනේසන් අදහස් දක්වමින් “දමිළයින්ගේ දේශපාලන ගැටළු පෙන්වාදී දේශපාලනය සිදුකරන්නේ නොමැතිව ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර ඇත. අනාගත නායකත්වය සජිත් ප්‍රේමදාස ලබාගන්නා වාතාවරණයකදී දමිළයින් සම්බන්ධ කරුණේදී නිවැරදි විසඳුම් ලබාගත යුතුය.

අවසන් යුද්ධයේදී උතුරු නැගෙනහිර සිටි දමිළ ජනතාව විශාල බලපෑම්වලට මුහුණදී ඇති තත්වයකදී, ඉදිරි කාලයන්හිදී යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් සංවර්ධනය කිරිම, සංස්කෘතික මධ්‍යස්ථාන හා සංස්කෘතික පාසැල් නිර්මාණය කිරීමටද සජිත් ප්‍රේමදාස කටයුතු කල යුතුය.

තවද, පාලනයට පැමිණි රජයන් දමිළ ජාතී ගැටළුව පෙන්වමින් දේශපාලන කටයුතු සිදුකිරීම හැර එම ගැටළුවට විසඳුමක් ලබාදි නොමැති බවත් සජිත් ප්‍රේමදාස දමිළ ජනතාවට විසඳුමක් ලබාදිය යුතු බවත්” ශ්‍රීනේෂන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න