Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැන්ම තීරණයක් ගන්නේ නෑ

|Fri,06 September 2019|Security| Page Views : 15

අලුත් පුවත්
සජිත් ප්‍රේමදාසට සහයෝගීව අදහස් දැක්වීම ආරම්කර ඇත.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණයට
බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ ගින්නක්
දකුණු පළාතට ID හා ප්‍රා.ලේකම් කාර්යාලයක්
ඇල්පිටියේ CTB බසයක වෙඩි තැබීමක්
අකුරැස්සේ වෙඩි තැබීමක්
සත්වෝද්‍යාන සේවකයින් හෙට සංඛේත වර්ජනයක
කැබ් රථයේ ගැටුණු යතුරුපැදිය ජීවිතයක් අහිමි කරයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

සියළුම පක්‍ෂයන් තම ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න ප්‍රකා‍ශ කරනතුරු තම සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පක්‍ෂයේ අපේක්‍ෂකයාට සහයෝගය ලබාදෙන්නේද යන්න මේ දක්වා තීරණයකර නොමැති බවත් සියළුම පක්‍ෂ තම ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකා‍ශ කරන තුරු තම සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත්නොකරන බවත් ඔහු පවසා ඇත.

“ඉදිරිපත් කරන අපේක්‍ෂකයින් හා ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන්ට සහයෝගය ලබාදෙන පක්‍ෂය පිළිබඳව දමිළ ජාතික සන්ධානය තීරණයකට පැමිණෙනු ඇත.

2015 වර්ෂයේ ඇතැම් පොරොන්දුවලට අනුව අපේක්‍ෂකයෙකුට සහයෝගය ලබාදුන්නද දමිළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබාදෙන මුවාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන වශයෙන් සිදුකර ඇත.

විධායක බලයෙන් යුත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස 1994 වර්ෂයේ සිටම මහජනතාව පැහැදිලිව ප්‍රකාශ කර ඇති තත්වයකදී පක්‍ෂ දෙකක් ඊට එකඟතාවය පලකර එම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඇති නමුත් එය වූයේ නැත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන සියළුම ‍අපේක්‍ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් විශ්ලේෂණය කර තම සන්ධානය තීරණයක් ලබාගනු ඇත.

අප සන්ධානයට කිසිදු හදිසියක් නැත. 2019.08.26 වන දිනෙන් පසු දමිළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධවුවහොත් හොඳ වෙනසක් සිදුවේ යන්න බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධවිම සම්බන්ධයෙන් ස්ථිරව ප්‍රකාශ කළ නොහැක. දීර්ඝ කාලයකින් පසු මෙය හොඳම අවස්ථාව වුවත් ප්‍රධාන පක්‍ෂයක් සමඟ තම සන්ධානය සිටිය යුතුය. එනම් ඔවුන් පාලනයේ සිටී. ඇත්තටම වෙනසක් සිදුවිය යුතුනම් ජනතා විමුක්ති පෙරමුණ යනාදී බොහෝ පක්‍ෂ සමඟ දමිළ ජාතික සන්ධානය ඒකාබද්ධවී කටයුතු කළ යුතු බව” පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න