Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !

|Mon, 09 September 2019||Security| Page Views : 45

අලුත් පුවත්
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“ජනාධිපති අපේක්‍ෂකයින් ඇතුළු සිංහල සහ දෙමළ දේශපාලන නායකයින්ට එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් ලැබෙණු ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත. දෙමළ ජනතා සංසඳයේ සංවිධායකත්වයෙන් වව්නියාවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජනතා සංසඳය විසින් විශාල රැළි 02 ක් පවත්වා ඇත. දෙමළ ජනතාවට ස්ථීර දේශපාලන විසඳුමක් අවශ්‍යයි යන්න සිතෙහි තබාගෙන සංසඳය මගින් සකස් කර ඇති විසඳුම් සැළසුමක් රජයට සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ලබාදී ඇත. සංසඳය මගින් නිර්මාණය කර ඇති විසඳුම් සැළසුම පාදක කරගෙන උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව තවත් විසඳුම් සැළසුමක් සකස් කර එයත් රජයට ලබාදී ඇත.

2015 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති කරුණු පදනම් කරගෙන මෙම විසඳුම් සැළසුම් නිර්මාණය කර ඇත.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදීද එක්සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස තරඟ කලත් නැවතත් එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගය ලබාදීමට දෙමළ නායකත්වය ඡන්දය ඉල්ලා සිටිනු ඇත.

දෙමළ ජනතාවගේ මූලික ගැටළු වන ඉඩම් නිදහස් කිරීම, දෙමළ දේශපාලන රැඳවියන්ගේ නිදහස, ‍අතුරුදහන්කල පුද්ගලයින්ට ස්ථීර විසඳුමක් ලබාදීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන කටයුතු වැළැක්විය යුතුය යනාදි ගැටළු අවධාරණය කරන අතර, ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව කුමන ස්ථාවරයක් ගත යුතුද යන්න සම්බන්ධයෙන් දකුණේ සිටින ජනාධිපති අපේක්‍ෂකයාට සහ දෙමළ දේශපාලන නායකයින්ට එක් පැහැදිලි පුවතක් ජනතාව නැගිසිටීමේ රැළිය හරහා ලබාදිය යුතු අවශ්‍යතාවයක් උද්ගතවී ඇත” යනුවෙන් ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න