Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංගම ඩිපෝ ආදායම ඉහළට

|Wed,12 February 2020|Special| Page Views : 37

අලුත් පුවත්
වෙලේ සුදාට එරෙහි නඩුව ඔක්.5 විභාගයට
දුවිලි අංශු යළිත් ඉහළට
දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි
ඉන්දීය ක්‍රිකට් පිලට පූර්ණ තරගාවලි පරාජයක්
කෝච්චි ටිකට් එක වෙනස් වෙයි
ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්
ඉන්දියානු සාගරයේ භූ චලනයක්
 
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.

ඊයේ පස්වරුවේ (11) ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළේය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම හා ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ. ඒ අනුව පසුගිය මාසය තුළ එක් ඩිපෝවකින් දළ වශයෙන් උපයා ඇති ආදායම රුපියල් 450000කි.

දැනට පාඩු ලබන බස් ඩිපෝ 12 තුළ ඉහළම පාඩුවක් වාර්තා වන අතර එම බස් ඩිපෝද, ආදායම් ලබන තත්ත්වයට පත් කිරීම සඳහා නව පියවර රැසක් ගැනීමට යෝජනා කර තිබේ. රජයට බරක් නැති ආයතනයක් වශයෙන් ලංගම ඉදිරි කාලය තුළ ඉහළම ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් අලුතින් බස් රථ 500ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබීමත් මෙම වසර තුළ Low Floor Bus හෙවත් පහත් පතුල් සහිත බස් රථ 2000ක් ලංගම බස් රථ ඇනියට එක් කිරීමට රජය තීරණය කර තිබේ. දැනට ලංගම සතුව බස් රථ 7000ක් පමණ තිබෙන අතර ඉන් 5700ක් ධාවනයට සුදුසුම මට්ටමේ පවතී. දෛනිකව බස්රථ 700ක් පමණ ධාවනය නොකරන අතර ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ අලුතෙන් සේවකයින් බඳවා නොගැනීම නිසා හෙයින් රියදුරු හා කොන්දොස්තරවරුන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම ධවනය කළ හැකි සියලුම බස් රථ දෛනිකව ධාවනයට යොදවන ලෙසත් ලංගම සියලුම සේවකයන් කැප වී එම ආයතනය ලාභ ලබන ඉහළම ආයතනයක් බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න