Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉතාලියේ ශ්‍රී ලාංකික කාන්තාවකටත් කොරෝනා ආසාදනය වෙයි

|Tue,03 March 2020|Special| Page Views :

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඉතාලියෙන් වාර්තා වනවා.

ඉතාලියේ බ්‍රේෂියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තහවුරු කළා.

ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර පසුගිය වසර 10ක කාලය තුළ ඉතාලියේ පදිංචිව සිටින්නේ ඇගේ සැමියා ද සමඟයි.

මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුවයි.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව 2036ක්.

යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිව තිබෙන්නේ ඉතාලියටයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න