Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණ නීති කැඩුවොත් වැඩවරදී

|Wed,04 March 2020|Special| Page Views :

පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කැර තිබෙන බැවින් සියලු දෙනා මැතිවරණ පනතට යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

මහමැතිවරණ ඡන්ද විමසීම නිවේදනය කිරීමෙන් පසු පළමු මාධ්‍යය හමුවට මහනුවරදී ඊයේ (3) එක් වෙමින් දේශප්‍රිය මහතා මේබව පැවසුවේය.

නිදහස්,සාධාරණ,විනිවිද භාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යය සියලු පියවර ගන්නා බවත් කොමිෂන් සභාවට මැතිවරණ කාලසීමාවේ දී ඒ සඳහා අවශ්‍යය බලතල තිබෙන බවත් ඒ මහතා කීය.

මැතිවරණ වාග් මාලාවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කියන වචනය මකා දමා තිබෙන බවත් වසර 2015 ජනවාරි මස පැවැත් වූ නිවිතිගල මැතිවරණයෙන් පසු කිසිදු මනුෂ්‍යය ඝාතනයක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොමැති මැතිවරණ තුනක් මේවන විට පවත්වා තිබෙන බවත් ඒ මහතා කීය.

මැතිවරණයක් නොමැති කාලසීමාවේදී අලුත උපන් පූස් පැටියෙකු ලෙසින් සැලකිය හැකි මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ සමයකදී විශාල බලයක් ලැබෙන බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදු වුහහොත් කොමිෂන් සභාව තුවල ලැබ සිටින රුදුරු සත්වයකුගේ තත්ත්වයට පත්වන බවත් හෙතෙම පැවසුවේය.

මෙවර මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 550 ත් 600 ත් අතර මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බවත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩිවුව හොත් එම මුදල රුපියල් කෝටි 700 ත් 750 ත් අතර මුදලක් දක්වා වැඩිවිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.

මාධ්‍යය උපමාන පසුගිය මැතිවරණයට වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධව මාධ්‍යය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන බවත් ඒ මහතා පැවසුවේය.

පොස්ටර්,බැනර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදිය නොහැකි බවත් රැස්වීමක් පැවැත්වෙන දිනය,වේලාව හා ස්ථානය දැනුම් දීමට පමණක් පෝසටර් හා බැනර් භාවිත කළ හැකි බවත් කී ඒ මහතා ප්‍රවර්ධන කටයුතු ගෙන්ගෙට ගොස් සිදු කළ හැකි බවද අවධාරණය කෙළේය.

ඡන්ද විමසීම ඊයේ(2) නිවේනදන කිරීමෙන් පසු ගැසට් පත්‍ර හතරක් නිකුත් කිරීමට පියවර ගත් බවත් ඒවා නම් ඡන්ද ලකුණු පිළිබඳ ගැසට් නිවේදනය,තේරීම් භාර නිලධාරීන් කවුද යන්න පිළිබඳ ගැසට් නිවේදනය,නාම යෝජනා කිරීමේදී එක් එක් කොට්ඨාශය අවශ්‍යය අපේක්ෂක සංඛ්‍යාව හා ඇප මුදල් සම්බන්ධ ගැසට් නිවේදන බවත් සභාපතිවරයා පැවසුවේය.

මෙවර මහ මැතිවරණයේදී 2019 ලියාපදිංචි ඡන්ද හිමිනාම ලේඛණය භාවිත කරන බවත් එහි පසුගිය ජනපතිවරණයට 2,71778 දෙනෙකු ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින බවත් ඔහු කීවේය.

2001 වසරේ මැයි මස 31 වැනි දින හෝ ඊට පෙර උපන් සියලු දෙනා මෙවර 2019 ඡන්ද හිමි නාමලේඛණය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන බවද ඒ මහතා කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න