Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආසාදිතයා ආ ගිය තැන් ගැන පුළුල් පරීක්ෂණ

|Thu,12 March 2020|Special| Page Views :

කොරෝනා හෙවත් කොවිඩ් _ 19 වයිරසය වැළඳුනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා හඳුනා ගැනීමෙන් පසු ඔහු මෙරට ගැවසුණු සියලු ස්ථාන හා ඇසුරු කළ පුද්ගලයන්ද පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

වයස අවුරුදු 52ක් වන ඔහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරමින් සිටියදී පසුගිය දිනවල ඉතාලි ජාතිකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇතැයි සඳහන්.

ඔහු එම සංචාරකයන් පිරිස සමඟ දඹුල්ල, මහනුවර, පේරාදෙණිය සහ දික්වැල්ල ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන ඇති බවද වාර්තා වනවා.

ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඔහු මෙම ඉතාලි ජාතිකයන් සමඟ සංචාරයෙහි නිරතව සිට ඇති බව දැනගන්නට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු වන මොහු පෙරේදා (10දා) සවස අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ සෙම සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු ඔහුට කොරෝනා වයිරසය වැලඳී ඇති බැව් තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.

එම රෝගියාගේ පවුලේ සාමාජිකයන්, ඔහු සංචාරය කළ ස්ථාන මෙන්ම ඔහු සමඟ ගමන් කළ ඉතාලි ජාතිකයන් සංචාරය කළ ස්ථාන පිළිබඳවද සොයා බලන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මේ පනස් හැවිරිදි පුද්ගලයා දෙදරු පියෙක්. කලක් ඉතාලියේ රැකියාව කළ හෙතෙම මෙරටට පැමිණ සංචාරක මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.

මේ අතර ඉකුත්දා දින හතක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ඉතාලි ජාතිකයන් මහනුවර හා දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට රැගෙන යෑමේ කාර්යය මොහුට පැවරුනා.

පිරිස රැගෙන අදාළ සංචාරය සඳහා පිටත්ව ගිය ඔහු යළි ආවේ තරමක් රෝගී තත්ත්වයක් සමඟින්.

යම් යම් රෝග ලක්‍ෂණ මතුවූ පසු මෙකී සංචාරක මාර්ගෝපදේශකයා රෝහලට ඇතුළත් කෙරිණි. රෝග ලක්‍ෂණ කොරෝනා (කොවිඩ් 19) දැයි වෛද්‍යවරුන්ට සැක පහළ වූයේ ඊට පසුව‍යි.

ඒ අනුව සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණවලින් පසු මොහුට කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මොහු පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිසියකට දෙවරක්ම පැමිණ ඇත. ඒ කටුනායක ගුවන්තොටුපළට ඔහුගේ වාහනය ඇතුළු කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මොහුයි. මොහු පදිංචි ප්‍රදේශය, ආගිය තැන් පිළිබඳ තොරතුරු සියල්ල වෛද්‍ය නිලධාරීන්ට මේ වන විට ලැබී ඇත. කිසිවකු කලබල විය යුතු නැතැයිද වෛද්‍යවරු කියා සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න