Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕනෑම හදිසි අවස්ථාවකට මත්තල සූදානම්

|Mon,23 March 2020|Special| Page Views :

හදිසි අවශ්‍යතාවයකට ගැළපෙන පරිදි නිසි සැළසුමකට අනුව මත්තල ගුවන්තොටු පොලේ සියළුම කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවත්,ඕනැම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දිම සදහා ගුවන් තොටුපොල කාර්ය මංඩලය සුදානම්ව සිටිනබවත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා අප කල විමසිමකදි පැවසිය.

මේ වන විට මත්තල ගුවන් තොටුපොලෙන් මගීන් පිටත් විම් හෝ පැමිණිම් කිසිවක් සිදුවන්නේ නෑ.එහෙත් රජයෙන් ලැබෙන උපදෙස් අනුව ඕනැම අවස්ථාවක ගුවන් යානා සදහා සහ මගින් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිමට අප සුදානම් වි සිටිනවා.

ඒ වගේම මේ වන විට ගුවන් තොටුපොල සියළුම කාර්ය මංඩලය ඉතා ආරක්ෂිතයි.මේ දිනවල කාර්ය මංඩලයේ පැමිණීම සීමා සහිත කරලා තියෙනවා.සේවයට පැමිණෙන සියළුම සේවකයින් සදහා නිවසටම ප්‍රවාහන පහසුකම් සළසා තිබෙනවා.ඊට අමතරව අවශ්‍ය අවස්ථාවලදි සේවකයන්ට ආහාර ලබා දීමටත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

සේවයට එන සියළුම කාර්ය මංඩලයේ අය සෞඛ්‍ය බළධාරීන් ලබා දි ඇති උපදෙස් අනුව කටයුතු කරනු ලබන අතර ඒ සදහා අවශ්‍ය සියළුම පහසුකම් ගුවන් තොටු පොල පරිශ්‍රෙය් ස්ථාපිත කර තියෙනවා යැයි මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න