Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

|Wed, 05 Aug 2020 |Security| Page Views :

පෑලියගොඩ පොලිස් වසමේ අධිවේගී පාලම අසළ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන "කෙසෙල්වත්තේ දිනුක"ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු "කෙසෙල්වත්තේ රයිනා" නම් 27 හැවිරිදි අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න